හික්කඩුව මුහුදු තීරයේ දිය නාමින් සිටි රුසියානු ජාතික පිරිමි පුද්ගලයෙකු, කාන්තාවක් හා දැරියන් දෙදෙනෙකු දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටියදී වෙරළ තීරයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජිවිතාරක්ෂක නිලධාරීන් විසින් ඊයේ (16) බේරා ගෙන ප්‍රථමාධාර ලබා දී පිටත් කර හැර තිබෙන බව වාර්තා වනවා.
එම අනතුරින් එසේ මුදාගෙන ඇත්තේ, වයස අවුරුදු 40ක්වන පිරිමි පුද්ගලයෙකු, වයස අවුරුදු 39ක්වන කාන්තාවක් සහ 13 හා 07 යන වයස්වල පසුවන දැරිවියන් දෙදෙනෙක්.
එසේම ඔවුන් එකම පවුලේ සාමාජිකයන් බවයි පොලිසිය ප්‍රකාශ කොට ඇත්තේ.
හික්කඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් පරීක්ෂක හේවගේ, පොලිස් කොස්තාපල් 96793 ඒකනායක, පොලිස් කොස්තාපල් 102748 දිසානායක හා පොලිස් කොස්තාපල් 105456 ජයසිංහ යන නිලධාරීන් විසින් මෙම පිරිසේ දිවි බේරා ගැනීමට කටයුතු කර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…