මිල්කෝ ආයතනය ඉන්දියාවේ අමුල් සමාගමට දෙන්නේ නෑ – කෘෂි නියෝජ්‍ය ඇමැති පාර්ලිමේන්තුවේදී සහතික වෙයි.

මිල්කෝ ආයතනය සහ එන්.එල්.ඩී.බී ගොවිපොලවල් ඉන්දියාවේ අමුල් සමාගමට ලබා නොදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන් ලදී.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් හේෂා විතානගේ මන්ත්‍රීවරයා මතු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ පැවසුවේය.

එන්.එල්.ඩී.බී. ගොවිපොලවල්, මිලිකෝ ආයතනය සියල්ලම අමුල් සමාගමත්, ලංකාවේ තවත් සමාගමකුත් පදනම් කරගෙන ලබාදීමට පසුගිය ආණ්ඩුව කටයුතු කරගෙන ගියා. ඊට එරෙහිව ගොවිජන සම්මේලනය විදියටත් විරෝධය පළ කරමින් ලොකු සටනක් අරගෙන ගියා. ඒවාට සෘජුව මැදිහත්වූ අයෙක් ලෙස අපිට මේ ගැන අදහසක් තියෙනවා.

මේක අඩු ලංසුවකට දෙන්න තීරණය කරලා තිබුණේ. මේක ව්‍යර්ථ කරලා තියෙන්නේ. ඒවා කිසිවක් අදාල ආයතවලට දෙන්නේ නෑ.

මේවා සංවර්ධනය කරන්න ඕන. ඒකට අදාලව දේශීය ආයෝජකයින් හා ව්‍යවසායකයින් සම්බන්ධ කරගැනීම පිළිබද සාකච්ඡා කරලා කටයතු කරනවා. කොහොමත් මේවා විදේශීය සමාගම්වල දෙන්න කිසිදු තීන්දුවක් අරගෙන නැහැ.

මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා සදහන් කළේය.

Yumal Kasun

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

9 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

14 hours ago