ඉන්දීය නාවික හමුදා බෝට්ටුවක් ඉන්දියාවේ මුම්බායි වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී මගී ප්‍රවාහන යාත්‍රාවක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා.
මියගිය පුද්ගලයින් අතර ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අදාළ නාවික යාත්‍රාවට වේගය පාලනය කරගත නොහැකි වීම බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරන අතර, අනතුරෙන් මගී යාත්‍රාවේ සිටි පුද්ගලයින් සිය දෙනෙකුට අධික පිරිසක් මුදා ගැනීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බවත් වාර්තා කරනවා.
නාවික යාත්‍රාවේ එන්ජිමේ සිදූවු දෝෂයක් මෙම අනතුරට හේතු වී ඇති බවට අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇති බව සඳහන්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…