තම පඩිය හා දීමනා දෙගුණයකින් වැඩි කරගෙන ඇති බවට අරුණ පුවත්පත ඇතුළු මාධ්‍ය පළකළ වාර්තා අසත්‍ය බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති එස්. රාජකරුණා මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එසේම තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂවරු මහජන මුදලින් කජු ආහාරට ගත් බවටත් එම පුවත්වල වාර්තා කළ බවත් එයද අසත්‍යබව සභාපතිවරයා නිවේදනය කරනවා.
මේ හරහා තමාට මෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේද කීර්ති නාමයට බරපතල හානියක් සිදුව ඇති බවත් ඔහු පවසනවා.
මේ අනුව ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…