ශ්‍රී ලංකා

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ නමට ‘ආචාර්ය’ ආවේ කොහොම ද? – CID ය පාර්ලිමේන්තුව පීරයි !

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් අදාළ පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා එම දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරිහු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට ඊයේ පැමිණියා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් පාර්ලිමේන්තු නිලධාරීන් තිදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

වෙබ් අඩවියට එම තොරතුරු ඇතුළත් කිරීමට පාදක කරගත් බව කියන ලිපි කිහිපයක් පාර්ලිමේන්තු නිලධාරීන් එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට බාරදී ඇතැයි දැනගන්නට ඇත.

පාර්ලිමේන්තුව වෙබ් අඩවියේ තමාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීමෙන් අපහාසයක් සිදුව ඇති බවට නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණිලි කළේය. ඒ අනුව එම සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළා.

මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය යනුවෙන් සඳහන් කර ඇත්තේ සභා නායක කාර්යාලයෙන් ලැබුණු ලිපියක එසේ සඳහන්ව තිබු නිසා බව සභා ලේඛන කාර්යාලයේ ප්‍රධානීන් එම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට භාරදී ඇති වාර්තාවේ සඳහන් වන්නේ යැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානිහු සභා ලේඛන කාර්යාලයේ ප්‍රධානීන්ට පසුගියදා නියෝග කළා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago