කොළඹ – නුවර මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේදී අද (21) පස්වරුවේ මාර්ගයේ ධාවනය වෙමින් පැවති බස් රථයක් අසළ තිබූ ගසක වැදී අනතුරට පත්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කරනවා.
මෙම බස් රථය කොළඹ සිට නුවර බලා ධාවනය වූ තෙල්දෙණිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙම අනතුරින් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් කඩුගන්නාව, හේනාවල රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවු දෙදෙනෙකු මහනුවර ජාතික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
බස් රථයේ තිරිංග පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.
අද (21) පෙරවරුවේ ද හැටන් ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් 46 දෙනෙකු තුවාල ලැබුවා.
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
කහතුඩුව ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු,…
ඉකුත්දා කොළඹ ,හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින්…
අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන්…
රුපියල් කෝට් 5කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර…