අධ්‍යාපනික

කන්නන්ගර ප්‍රතිසංස්කරණ වලට එහා ගිය පුළුල් අධ්‍යාපන පරිවර්තනයක් අවශ්‍යයි – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එහා ගිය පුළුල් පරිවර්තනයක් ජනතාව ඉල්ලා සිටින බවත්, පාසල් අතර පවතින පරතරය නැති කළ යුතු අතර පෞද්ගලික උපාධි ආයතන නියාමනය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන වන ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය, ජාතික අධ්‍යාපන කොමිසම, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවන්හිදී යි.

මෙහිදී පාසල් අතර පරතරය නැති කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබුණු අග්‍රාමාත්‍යවරිය රැකියාවකට එහා ගිය ජාතික වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙසද නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබුණා.

වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර තිබුණේ, කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමඟ සිදු වූ අධ්‍යාපන විප්ලවයට එහා ගිය පුළුල් අධ්‍යාපන පරිවර්තනයක් අවශ්‍ය බවත්, එය ඉටු කිරීමට වත්මන් රජය බැඳී සිටින බවත් ය.

එමෙන්ම ඇය එහිදී ජාතික අධ්‍යාපන කළමනාකරණ පද්ධතියක අවශ්‍යතාව පෙන්වා දී තිබුණු අතර සියලු ක්ෂේත්‍ර ආවරණය වන නවීන තාක්ෂණික ලෝකයට ගැළපෙන අනාගත පරපුරක අවශ්‍යතාව ද ඉස්මතු කර තිබුණා.

වංචනික උපාධි ආයතනවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමත්, ඒ සඳහා වන නෛතික රාමුව සහ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයන් හි ගුණාත්මක භාවය පිළිබඳව සලකා බැලීම පිළිබඳ ඇය මෙහිදී කරුණු දක්වා සිටියා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, මීපේ දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් කමල් පත්මසිරි, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශයේ අතිරේක ලේකම් චන්දිමා ජානකී, ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපතිනී පද්මිණි රණවීර යන මහත්ම මහත්මීන් ඇතුළු එම ආයතනවල ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම සාකච්චාවට සහභාගී විය.

Yumal Kasun

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago