ශල්‍යකර්මයක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ 9 හැවිරිදි පිරිමි දරුවකු ශල්‍යකර්මයෙන් පසු පියවී සිහිය නොලබාම මියගිය බවට පොලිසියට පැමිණිලි කර ඇත.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අඟුරුවාතොට, හල්තොට, පෙතිගමුව පදිංචිව සිටි හොරණ අශෝක විද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලැබූ ධනුජ වික්‍රමආරච්චි දරුවායි.
මියගිය දරුවාගේ මුත්‍රා මාර්ගයේ ඇතිවූ රෝගී තත්ත්වයකට ඔහුගේ මව්පියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අනුයුක්ත වෛද්‍යවරයකු පිළියන්දල වෛද්‍ය මධ්‍යස්ථානයකදී චැනල් කර පෙන්වීමෙන් අනතුරුව වෛද්‍යවරයාගේ උපදෙස් මත ඉකුත් 17 වෙනි දින ඔහු සේවය කරන ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කර තිබූ බව පොලිසිය කියයි.
පසුදින (18) දහවල් 01.30 ට පමණ අදාළ ශල්‍යකර්ම සඳහා නිර්වින්දනය කර ශල්‍යකර්මයට භාජනය කර ඇති අතර, එම ශල්‍යකර්ම අවසන් වුවද දරුවාට පියවී සිහිය ලැබී නැත.
අනතුරුව මව්පියන් හා ඥාතීන්ගේ බලවත් ඉල්ලීම මත රෝහල් බලධාරීන් එම දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයට එදින සවස 6.45 ට පමණක් ඇතුළු කර ඇති අතර සිව් දිනකට පසු (22) පෙරේදා සවස 4.30 ට පමණ දරුවා මියගොස් ඇතැයි ඥාතීන් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.
ඥාතීන් විසින් මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලේ උද්‍රිත පිටපත් දරුවාගේ මරණය බොරැල්ල පොලිස් වසමේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුවී ඇති බැවින් බොරැල්ල පොලිසිය වෙත යොමු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
දරුවාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…