නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග විදේශිකයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට!

රුපියල් කෝටියක් පමණ වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සූක්ෂම ලෙස සඟවා ගෙන මෙරටට පැමිණි විදේශිකයෙකු ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

ඊයේ මෙලෙස අත්අඩංගුවට ගත් විදේශිකයා 34 හැවිරිදි තොරතුරු තාක්ෂණ නිලධාරියෙකු ලෙස සේවය කරන රුසියානු ජාතිකයෙක් බවයි සඳහන් වන්නේ.

මීට අමතරව මොහු කුෂ් මත්ද්‍රව්‍ය වගා කර, සකස් කර, ලොව පුරා රටවල් අතර බෙදාහැරීමේ ජාවාරමක ද නිරත පුද්ගලයෙකු බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායකට පැමිණි මොහුගේ ගමන් මල්ල තුළ වූ ස්පොන්ජ් යොදා සකස් කළ, නිදා ගැනීමට භාවිතා කරන කොට්ටයක් තුළ, කුෂ් කිලෝ 01යි ග්‍රෑම් 50 ක තොගයක් සූක්ෂම ලෙස සඟවා ගෙන රැගෙනවිත් තිබුණා.

සැකකාර රුසියානු ජාතිකයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 29 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා.

Yumal Kasun

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago