කිතු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයෙන් උදාවුණා.
කෙසේ වෙතත් ජේසුස් ක්‍රිස්තූස් වහන්සේ උපන් බෙත්ලෙහෙම් නගරයේ මෙවරත් තන්තල් සැමරීමක් සිදුවන්නේ නෑ.
බෙත්ලෙහෙම් නගරාධිපතිවරයා පවසන්නේ පලස්තීන වැසියන්ට එරෙහිව සිදුවන අයුක්තියට විරෝධය පළකරමින් මෙලෙස සැමරුම් අත්හිටුවා ඇති බවය.
තත්තල් සමයේදී සාමාන්‍යයෙන් සංචාරකයන්ගෙන් පිරීයන යුනෙස්කෝ ලෝක උරුමයක් වන බෙත්ලෙහෙම නගරය හුදකලා වූයේ 2023 එක්තෝම්බර් 7 වනදා සිදුවූ හමාස් ප්‍රහාරයෙන් පසුවයි.
නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගි වන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දී පැවැත්වෙනවා.
නත්තල උදාවු ඊයේ මධ්‍යම රාත්‍රීයේ ලොවපුරා කෝටි සංඛ්‍යාත කිතුණු බැතිමතුන් මෙන්ම මෙරට කිතුණු දෙව්මැදුරුවලද දේව මෙහෙයන් පැවැත්වුණා.
මෙවර මෙරට ප්‍රධාන නත්තල් දේව මෙහෙය අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රී 11:40 සිට ජා ඇළ වික්ෂෝප දේව මාතා දේවස්ථානයේදී පැවැත්වුණා.
සිය නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ ආත්මාර්තකාමීත්වයෙන් බැහැරව අධ්‍යාත්මික මංගල්‍යක් ලෙස සලකා මෙවර නත්තල සැමරීමට සියලු දෙනා වගබලා ගත යුතු බවය.
තම නිවස තුළ ගව ලෙනක ඇති සාමකාමී පරිසරය ඇති කර ගැනීමට සියලුදෙනා මෙම නත්තලේදී අදිටන් කරගත යුතු බව කොළඹ සහයක රදගුරු අතිඋතුම් ජේ.ඩී ඇන්තනි රදගුරු හිමිපාණන් පවසනවා.
ටී.වී දෙරණ ඔස්සේ සජීවීව විකාශය වූ කඳාන ශාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේදී පැවැති විශේෂ දේව මෙහෙයට ඊයේ එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…