කුකුල් මස් කිලෝවක් අල්ලස් වශයෙන් ලබාගත් මීරිගම ප්‍රාදේශීය සභාවේ සේවකයන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ ප්‍රාදේශීය සභාවේ වේවැල්දෙණිය උප කාර්යාලයේ සේවය කරන වැඩබලන ආදායම් නිලධාරීවරයෙකු සහ මාර්ග අංශයේ කම්කරුවෙක්.
කොස්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසික් සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ය.
පැමිණිලිකරුට අයත් වෙළෙඳසැලේ ලබන වර්ෂයට අදාළ වෙළෙඳ බලපත්‍රය ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දීම සඳහා මෙම සැකකරුවන් අල්ලස් ලෙස රුපියල් 1,170ක් වටිනා කුකුළු මස් කිලෝවක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සකකරුවන් දෙදෙනා පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ වෙළෙඳසැල ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොම්ෂන් සභාව සඳහන් කළේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…