ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක ජාතික රූපවාහිනියේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ මහතා මෙම තනතුරට පත්ව ගතවී තිබුණේ මාස තුනක් පමණි. එහෙයින් ඔහුගේ ඉල්ලා අස්වීම පිළිබඳ විවිධ කටකතා සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වන ආකාරයක් ද දක්නට ලැබිණි.
කෙසේවෙතත් සිය Facebook ගිණුම ඔස්සේ කරුණු පැහැදිලි කරමින් සෙනේෂ් දිසානායක බණ්ඩාර පවසන්නේ තමන් එම තනතුර භාරගත්තේ කෙටි කාලයක් සඳහා පමණක් බවයි.
එසේම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ඉල්ලීමක් අනුව නව වසරේදී තවත් ජාතික මට්ටමේ තනතුරකට තමන් පත්වන බවයි සෙනෙෂ් දිසානායක බණ්ඩාර සඳහන් කර ඇත්තේ.
සෙනේෂ් දිසානායක බණ්ඩාර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවකු වන අතර කැලණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නිව්යෝර්ක් ෆිල්ම් ඇකඩමියේ විද්‍යාර්ථියෙකි.
ජනසන්නිවේදනය විෂය වෙනුවෙන් ශාස්ත්‍රවේදී උපාධිය, ශාස්ත්‍රපති උපාධිය සහ දර්ශනසූරී උපාධිය ලබා ඇති ඔහු ලේඛකත්ව සහ සන්නිවේදනය ඩිප්ලෝමාධාරියෙකි.
අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මුලින් ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ විජිත හේරත් විසින් සෙනේෂ් බණ්ඩාර දිසානායක ජාතික රූපවාහිනියේ සභාපති ධුරයට පත් කරනු ලැබූ අතර ඉකුත් සැප්තැම්බර් 25 වැනිදා ඔහු අදාළ පත්වීම් ලිපිය ජනමාධ්‍ය අමාත්‍යවරයා අතින් ලබා ගත්තේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…