ස්විස් ජාතික හිම මත ලිස්සායාමේ ශූරියක් හිම කුණාටුවකට හසුව අවාසනාවන්ත ලෙස මරුට!

ස්විට්සර්ලන්තයේ හිමමත ලිස්සායාමේ (snowboarder) ක්‍රීඩිකාවක වන සොෆී හෙඩිගර් හිම කුණාටුවකට හසුවීම හේතුවෙන් ඊයේ (24) මියගොස් තිබෙනවා.

ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ඇතුළු ලොව ප්‍රධාන පෙළේ තරගාවලි රැසක් නියෝජනය කළ ක්‍රීඩිකාවක වන හෙඩිගර්, මියයන විට වයස අවුරුදු 26ක් විය.

ස්විට්සර්ලන්ත ජාතික හිමමත ලිස්සායාමේ කණ්ඩායම පසුගිය සඳුදා එරට අරෝසා කඳුකරයේ නිවාඩු නිකේතනයකට ගොස් සිටියදී මෙම අවාසනාවන්ද සිදුවීමට මුහුණ දී ඇත.

කෙසේ නමුත් ස්විට්සර්ලන්ත හිමමත ලිස්සායාමේ සම්මේලනය නිවේදනය කර සිටියේ, හෙඩිගර්ගේ පවුලේ අය සහ සහකරු සමග එකඟ වූ පරිදි හෙඩිගර්ගේ මරණය පිළිබඳ වැඩිදුර තොරතුරු රහසිගතව තබා ගන්නා බවයි.

ලොව ත්‍රාසජනක ක්‍රීඩා අතර ප්‍රධාන තැනක් හිමමත ලිස්සායාමේ ක්‍රීඩාවට හිමිවේ.

එහිදී කැපීපෙනෙන දක්ෂතා දක්වා ඇති හෙඩිගර්, 2023 වසරේ අමෙරිකාවේ පැවති ශීත ඍතු ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළට සහභාගි වී රන් පදක්කමක් ජයග්‍රහණය කර තිබේ.

එමෙන්ම 2022 වසරේ චීනයේ පැවති ශීත ඍතු ඔලිම්පික් උලෙළට ඇය සහභාගී වී ඇති අතර, 2023-24 වාරයේ පැවැත් වූ ලෝක කුසලාන තරගාවලි දෙකකට සහභාගි එය නිම කිරීමටද සමත් වූවා.

Yumal Kasun

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago