ශ්‍රී ලංකා

”සාමුහිකත්වය, කෘතඥතාව සහ සාමය නත්තලේ සැබෑ අර්ථයයි”අගමැතිතුමියගේ නත්තල් සුභ පැතුම!

නත්තලේ සැබෑ අර්ථය සාමුහිකත්වය බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කරනවා.

නත්තලේ සැබෑ අර්ථය වන සාමුහිකත්වය, කෘතඥතාව සහ සාමය පෙරදැරි කර ගනිමින් උදා වූ නත්තල ප්‍රීතිමත්ව සහ අර්ථාන්විතව ගත කරීමට කටයුතු කරමු යනුවෙන් ඇය සඳහන් කරනවා.

නත්තල වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනුයි අගමැතිනිය මේ බව සඳහන් කළේ.

නත්තලේ සැබෑ අර්ථය වන සාමුහිකත්වය, කෘතඥතාව සහ සාමය පෙරදැරි කර ගනිමින් උදා වූ නත්තල ප්‍රීතිමත්ව සහ අර්ථාන්විතව ගත කරමු. ජාතියක් වශයෙන් නැවත ගොඩනැගෙන මෙම පුනරුද සමයේ තම පවුල හා හිතමිත්‍රාදීන් සමඟ කාලය ගත කිරීම ඉතා වැදගත් වේ. සාමුහිකව කටයුතු කිරීම, බෙදා හදා ගැනීම හා එකිනෙකාට සහය වීම මඟින් අපගේ සබදතා මෙන්ම ශක්තීන් ද වර්ධනය වේ.
නිරෝගී ජන ප්‍රජාවක් සහ ශක්තිමත් ජාතියක් ගොඩනැගීම ආරම්භ වන්නේ නිවසින් බව මෙවැනි සාමුහික ප්‍රයත්නයන් අපට මතක් කරදෙයි.
දේශිය මෙන්ම විදේශයන්හි සේවය කරන හා අත්‍යාවශ්‍ය සේවාවන්හි නිරත වන, මේ උත්සව සමය තම ආදරණීයයන් සමඟ ගත කළ නොහැකි පිරිස ද මේ මොහොතේ කෘතඥ පුර්වකව සිහිපත් කළ යුතුය.
ලෝකය පුරා පවතින විවිධ ගැටුම් හා ව්‍යසනයන් මධ්‍යයේ කුඩා දරුවන් පවා මිය යන මෙවන් මොහොතක, අපි තවමත් අපේ හදවත් තුළ සාමයේ බලාපොරොත්තු දල්වාගෙන සිටිමු. පවුලක්, සමාජයක් හා ලෝකයක් ලෙස සමාව දීමේ සහ සමඟිව සිටිමේ වැදගත්කම නත්තල අපට සිහි ගන්වයි.
මෙම උත්සව සමයේදී අපගේ මෙන්ම අන් අයගේ ද ආරක්ෂාවට මුල් තැන දෙමින් සියළු දෙනා සමඟ සහයෝගයෙන් ප්‍රීතිමත්ව ගත කිරීමට වගබලා ගත යුතුය.
මෙම සමයේදී අන්‍යෝනය සබඳතා වැඩි දියුණු කර ගැනීමටත්, ඉවසීම වර්ධනය කර ගැනීමටත්, එකමුතුකම සහ අවබෝධය ඇති කර ගැනීමටත් අපි ඇප කැප වෙමු.
ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Yumal Kasun

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago