ශ්‍රී ලංකා

සුනාමි ව්‍යසනය සිදුවී හෙට ට වසර 20 ක්, විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් සුරකින ලෙස ඉල්ලීමක්

සුනාමි ව්‍යසනය සිදුවී හෙට දිනයට වසර 20 ක් සම්පූර්ණ වනවා. හෙට දිනයේ උදෑසන 9.25 සිට විනාඩි 02 ක කාලයක් නිශ්ශබ්දතාවය සුරකින ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කොට සිටිනවා.

2004 වසරේ දෙසැම්බර් 26 වනදා සිදුවූ මෙම ව්‍යසනයෙන් මෙරට 35,000 කට අධික පිරිසක් මියගොස් 5000 කට වැඩි පිරිසක් අතුරුදන් වුණා.

මේ අනුව, හෙටට යෙදී ඇති ජාතික සුරක්ෂිතතා දිනයේ ප්‍රධාන සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ආපදා කළමණාකරණ අංශ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින්ද සමරු වැඩසටහන් සංවිධානය කර ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටියේ.

Yumal Kasun

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago