ඊයේ (25) වාර්තා වූ අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානය කඩා වැටීමෙන් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
ගුවන් යානය කඩා වැටුණේ කසකස්තානයේ Aktau නගරය ආසන්නයේදී යි.
අනතුර සිදුවන අවස්ථාව වන විට යානයේ පුද්ගලයින් 67 දෙනෙකු සිටි බව වාර්තා වුණු අතර, බලධාරීන් තහවුරු කරන්නේ ඉන් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
යානයේ සිටි පුද්ගලයින් 67 දෙනා අතරට මගීන් 62 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු අයත් වූ බව සඳහන්.
බලධාරීන් සඳහන් කරන්නේ, එය Aktau සිට කිලෝමීටර් තුනක් (සැතපුම් 1.8) පමණ දුරින් හදිසි ගොඩබෑමක් සඳහා යාමේදී මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ පෑ බවයි.
Embraer 190 ගුවන් යානය පියාසැරිය අරඹා තිබුණේ, අසර්බයිජානියානු අගනුවර වන Baku සිට රුසියානු Grozny නගරය දක්වා යි.
අනතුර වූ වහාම ප්‍රකාශ කර තිබුණේ, යානයේ සිටි 67 දෙනාගෙන් 32 දෙනෙකු දිවි ගලවා ගත් බවයි.
එමෙන්ම දිවි ගලවා ගත් පිරිස් අතර අසාධ්‍ය පිරිස් වන බවත් සඳහන් කර තිබුණා.
විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කරන්නේ අනතුර සම්බන්ධයෙන්, පුළුල් විමර්ශනයක් සිදුවෙමින් පවතින බවයි.
කුරුල්ලන් රංචුවක් යානයේ ගැටීම නිසාවෙන් ගුවන් නියමුවන් හදිසි ගොඩබෑමක් කිරීමට තීරණය කළ බවක්, මූලික විමර්ශනයන්ට අනුව හෙළිව ඇති බවත් සඳහන්.
මේ අතර කසකස්තානයේ රජය සඳහන් කර ඇත්තේ, රජයේ කොමිසමක් අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කරන අතර මියගිය සහ තුවාල ලැබූවන්ගේ පවුල්වලට අවශ්‍ය උපකාර කඩිනමින් ලබා දීමට කටයුතු සම්පාදනය කර ඇති බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…