”ආයුධ හඬ නිහඬ වේවා” පාප් වහන්සේගේ නත්තල් දින ප්‍රාර්ථනා​ව!

වසර දෙකකට පෙර මොස්කව්හි මහා පරිමාණ ආක්‍රමණයෙන් පසුව දස දහස් ගනණක් ජීවිත අහිමි කළ, යුද්ධය අවසන් කිරීම සඳහා යුක්රේනය සහ රුසියාව අතර සාකච්ඡා පැවැත්විය යුතු බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසනවා.

ඒ, ලෝකයට සිය සම්ප්‍රදායික නත්තල් දින පණිවුඩය ප්‍රකාශයට පත් කරමිනුයි.

පාප් වහන්සේ, මේ බව සඳහන් කර තිබුණේ ඊයේ (25) දින වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ මධ්‍යම බැල්කනියේ සිට පහත චතුරශ්‍රයේ සිටි දහස් සංඛ්‍යාත ජනතාව අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාප් වහන්සේ සඳහන් කර තිබුණේ, සාකච්ඡා සඳහා දොර විවෘත කිරීමට අවශ්‍ය නිර්භීතකම තිබිය යුතු බවයි.

ඒ, සාධාරණ සහ කල්පවත්නා සාමයක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙනයි.

පාප්තුමාගේ ප්‍රකාශය රුසියාවේ “දැවැන්ත” ගුවන් ප්‍රහාරයකින් පැය කිහිපයකට පසුව සිදු වූවකි.

එහිදී ‘යුද්ධයෙන් විනාශ වූ යුක්රේනයේ ආයුධ හඬ නිහඬ වේවා!’ යනුවෙන් පාප්තුමා සිය ආශිර්වාදය අතරතුර සඳහන් කර තිබුණා.

එමෙන්ම ගාසා තීරයේ “මානුෂීය තත්ත්වය අතිශයින් බරපතල” බව ද සඳහන් කළ, පාප් වහන්සේ සිය නත්තල් පණිවුඩයෙන් මැද පෙරදිග වෙත ද සාමය ඉල්ලා සිටියා.

“සටන් විරාමයක් ඇති වේවා, ප්‍රාණ ඇපකරුවන් නිදහස් වේවා, කුසගින්නෙන් හා යුද්ධයෙන් වෙහෙසට පත් වූ ජනතාවට ආධාර ලැබේවා” යන්න එම ප්‍රාර්ථනයන් අතර විය.

2013 වසරේ සිට පාප්වරයා ලෙස කටයුතු කරන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, මේ වසරේ යුක්‍රේන නිලධාරීන්ගේ විවේචනයට ලක් වූයේ රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් සාකච්ඡා කිරීමට ධෛර්යය රටට තිබිය යුතු බව සඳහන් කිරීම නිසාවෙනි.

88 හැවිරිදි උන්වහන්සේ සිය පාප් පදවියේ 12 වැනි නත්තල සමරමින් ලෙබනනය, මාලි, මොසැම්බික්, හයිටි, වෙනිසියුලාව සහ නිකරගුවාව ඇතුළු රටවල ගැටුම්, දේශපාලන, සමාජ සහ මිලිටරි ගැටුම් අවසන් කරන ලෙස ද එතුමන්ගේ ප්‍රකාශයේදී ඉල්ලා සිටියා.

Yumal Kasun

Recent Posts

වෑන් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

මීමුරේ කරඹකැටිය ප්‍රදේශයේ අද සවස වෑන් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව…

22 hours ago

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපයි!

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් පහ කිරීමට ජාතික…

22 hours ago

තලවතුගොඩ වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියා සහ ව්‍යාපාරිකයා රිමාන්ඩ්!

තලවතුගොඩ ප්‍රදේශයේ සමාජ ශාලාවක් අසල අද (19) අලුයම සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්…

1 day ago

වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන බව​ට ලාල් කාන්තගෙන් සහතිකයක්!

කෙතරම් විරෝධතා සහ බාධක පැමිණිය ද වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන බව කෘෂිකර්ම,…

1 day ago

ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට!

යූකැලිප්ටිස් වර්ගයේ ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් (19) දින උදෑසන 10:00ට පමණ පුද්ගලයෙකු එම…

1 day ago

සරුංගල් යවන්න එපා – කටුනායක ගුවන්තොටුපළෙන් ඉල්ලීමක්!

කටුනායක ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ කළමනාකරණ අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ ජනතාවගෙන්…

1 day ago