ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ටාස් සමග මතභේදාත්මක තත්ත්වයක් ඇති කර ගත් විරාට් කෝලිට තරග ගාස්තුවෙන් සියයට 20 දඩයක් නියම කර තිබෙනවා.
එමෙන්ම ඔහුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණක් එක් කිරීමටයි තරග තීරකවරයා කටයුතු කර ඇත්තේ.
ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(26) මෙල්බර්න්හීදී ආරම්භ වු අතර තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමටයි තීරණය කරනු ලැබුවා.
මෙම මත ගැටුම ඇති වුණේ මෙම ඉණිම අතරතුරයි.
සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රිඩා කරමින් සිටි 19 හැවිරිදි සෑම් කොන්ටාස්ගේ උරහිසේ විරාට් කෝලි සිතා මතා ගැටී තිබෙනවා.
එහිදි දෙදෙනා අතර කෙටි වචන හුවමාරුවක්ද සිදුවු අතර එම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල මෙන්ම, ක්‍රිකට් විචාරකයින්ගේද දෝෂ දර්ශනයට ලක්වුනා.
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…
ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව එළිදක්වා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වෙන්නේ…