2024 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් ගණන අද (26) මිලියන දෙක සම්පූර්ණ කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා සංචාරක බලධාරීන් පැවසුවේ තායිලන්තයේ සිට පැමිණි යුවළක් එම ඉලක්කය සම්පූර්ණ කළ බවයි.
මෙම මාසයේ පළමු දින 22 තුළ පමණක් සංචාරකයන් 161,383ක් දිවයිනට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළේ.
ඒ සමඟ දෙසැම්බර් මාසයේදී විදේශීය සංචාරකයන්ගේ පැමිණීම විශාල ලෙස වර්ධනය වී තිබෙනවා.
දෙසැම්බර් 22 වැනි දින මෙරටට එක් දිනක් තුළ වාර්තාගත විදේශීය සංචාරකයන් 10,820 ක පිරිසක් පැමිණ ඇති බව සඳහන්.
එමෙන්ම දෙසැම්බර් 20-22 දක්වා විදේශීය සංචාරකයන්ගේ දෛනික පැමිණීම් අඛණ්ඩව 10,600 ඉක්මවා තිබෙනවා.
ඒ අනුව, මේ වන විට විදේශීය සංචාරකයන්ගේ පැමිණීමේ දෛනික සාමාන්‍යය 7,336ක් දක්වා වර්ධනය වී ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පෙන්වා දෙන්නේ.
ශීත ඍතුවත් සමග නොවැම්බර් මාසයේ දී විදේශීය සංචාරකයන් 184,168ක් මෙරටට පැමිණ තිබෙනවා.
එය වසරින් වසර (YoY) පදනම මත 22%ක ඉහළ යාමක්.
වසරින් වසර (YTD) පැමිණීම් මේ වන විට මිලියන 1.96 ඉක්මවා තිබෙන බව නිරීක්ෂණය වෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…