දේශපාලන

අගමැතිනියටත් වඩා වැඩි බලයක් නියෝජ්‍ය ඇමති මහින්දට ලැබිල ද?

අධ්‍යාපන ඇමති ලෙස හරිනි නිකුත් කළ ගැසට් දෙකම මහින්ද ජයසිංහ ආපසු හරවයි” යන මැයෙන් පළ වූ පුවත් සම්බන්ධයෙන් කම්කරු නියෝජ්‍ය අමාත්‍යංශය විසින් පැහැදිලි කිරීමක් නිකුත් කොට තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින්, ඔවුන් සඳහන් කළේ, එය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

ගුරු කාර්යක්ෂමතා කඩඉම් වෙනුවෙන් පවත්වනු ලබන මොඩියුල් පිළිබඳ පසුගියදා චක්‍රලේඛනයක් නිකුත් කර තිබුණේ, අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක විසින්.

එය විෂය භාර ඇමතිනිය වන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියගේ කිසිදු අනුදැනුමකින් තොරව සිදු කළ බවයි, කම්කරු නියෝජ්‍ය අමාත්‍යංශය අවධාරණය කළේ.

එමෙන්ම බස්නාහිර පළාතේ රජයේ පාසල් ගුරුවරුන්ට සිය පාසලේ ළමුන් වෙනුවෙන් මුදල් ගෙවා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් ද චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා.

පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරිය විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබුණේ, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියගේ කිසිදු අනුදැනුමකින් තොරව බව සඳහන්.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මෙම ගැටලුවට මැදිහත් වූයේ ඉතා දීර්ඝ කාලයක් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ගුරු – විදුහල්පතිවරුන්ගේ ගැටලු වෙනුවෙන් මැදිහත් වූ අයෙක් ලෙසයි.

Yumal Kasun

View Comments

  • අධ්‍යාපනය පලාත්සභා පනතේ සමගාමී විශයක්.අගමැතිවරයාට බැහැ පලාත් සභාවේ අධ්‍යාපන ලේකම්ට නියෝග දෙන්න.ගුරුවරු පාසලතුල මුදලට ටියුෂන් කිරීම බරපතළ වරදක්.වෘත්තීය සමිති හා දේශපාලන බලයෙන් වැරැදි දේ ප්‍රවර්ධනය නොකල යුතුයි.

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago