කඩුවක් රැගත් අයෙ​ක් ජනාධිපති හොයං එයි!

කඩුවක් අතැතිව ලොරි රථයකට නැග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වීමට අවශ්‍ය යයි කියමින් කලහකාරීව හැසුරුණු පුද්ගලයකු පිලියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා ජාලියගොඩ හන්දියට කඩුවක් රැගෙන පැමිණ අසල්වාසීන්ට පරුෂ වචන කියමින් කලහකාරීව හැසිරි ඇති අතර එහිදී පරුෂ වචන නොකියන ලෙසට අවට පිරිස් කල දැනුම් දීමෙන් පසුව ඊට උරණ වී අසල නවතා තිබූ ලොරි රථයකට නැග ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බවත් එසේ නොවන්නේ නම් බෙල්ල කපාගෙන දිවි හානි කර ගන්නා බවත් පවසමින් කලහකාරීව හැසිරි ඇත.

මේ බව පොලිසියට දැනුම් දීමෙන් පසුව නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ තත්වය පාලනය කර ඇත.

මෙම පුද්ගලයා රෝගයකින් පෙළෙන්නකු බව පසුව හෙලිව ඇති අතර ඒ අනුව ජනාධිපතිතුමා හමුවීමට බව පවසමින් පොලිසිය මැදිහත් වි එම පුද්ගලයා ලොරි රථයෙන් බිමට බස්සවා ගෙන එම ස්ථානයට ගෙන්වන ලද 1990 සුව සැරිය ගිලන් රථයකින් ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව පොලිසිය පවසයි.

එම පුද්ගලයා අත තිබූ කඩුව පොලිස් භාරයට ගත් අතර සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago