මින් ඉදිරියට සෑම අවස්ථාවකදීම බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය මාස 12ක කාලයක් සදහා අත්හිටුවීමට හෝ රියදුරු බලපත්‍රය අවලංගු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමට පොලිසිය තීරණය කර තිබෙනවා.
එමෙන් ම උත්සව සමයේදී සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
විශේෂයෙන් ගිණිකෙලි භාවිතයේදී මෙන්ම රිය ධාවනයේදී ද සැළකිලිමත්ව කටයුතු කළ යුතු බවයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ.
තවද, රථ වාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් රාත්‍රි කාලයේදී එම කටයුතු සිදු කිරීමේදී රියදුරන්ට මනාව දර්ශනය වන ලෙස අලෝක පරාවර්තනය වන ලුමිනස් ජැකට් හා ලුමිනස් අත්වැසුම් පැළඳ සිටිය යුතු බවයි උපදෙස් මාලාවක් නිකුත් කරමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය දැනුම් දුන්නේ.
එමෙන්ම, රථවාහන නැවැත්වීමේදී මේ වන විට පොලිස් ස්ථාන වෙත නිකුත් කර ඇති රතු විදුලි පන්දම් හැකිතාක් භාවිතා කරන ලෙසද උපදෙස් ලබා දී තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…