සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර සීමිත පන්දුවාර තරගාවලියේ තරග 3කින් යුත් විස්සයි විස්ස තරගාවලිය හෙට (28 වැනිදා) Mount Maunganui, හි බේ ඕවල් ක්‍රීඩාංගණයේදී ඇරැඹීමට නියමිතය.
හෙට ඇරැඹෙන විස්සයි විස්ස තරගාවලිය ශ්‍රී ලංකාව මෙම වසරේ සහභාගී වන අවසන් ජාත්‍යන්තර තරගාවලිය වේ. කෙසේ වෙතත් තරගාවලියේ දෙවැනි තරගය 30 වැනිදා පැවැත්වීමෙන් අනතුරුව අවසන් විස්සයි විස්ස තරගය පැවැත්වෙන්නේ එළැඹෙන වසරේ ජනවාරි 2 වැනිදා වීම විශේෂත්වයකි.
හෙට තරගය සඳහා වේග පන්දු යවන්නන්ට හිතකර තණතීරුවක් ලැබීමට වැඩි ඉඩක් පවතින බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම වේග පන්දු යවන්නන් තිදෙනෙකු හෝ වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සමගින් වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු යොදා ගැනීම සඳහා ඉඩක් ඇත.
නවසීලන්ත කණ්ඩායම පසුගිය නොවැම්බර් මස මෙරට සීමිත පන්දුවාර තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේදී තාවකාලික නායකයා ලෙස කටයුතු කළ මිචෙල් සැන්ට්නර් නිත්‍ය නායකයා ලෙස කටයුතු කරන පළමු තරගාවලිය මෙම තරගාවලිය වන අතර පසුගිය තරගාවලිය සඳහා ක්‍රීඩා නොකළ නවසීලන්ත ක්‍රීඩකයන් කිහිප දෙනකුම හෙට ඇරැඹෙන තරගාවලිය සඳහා ඇතුළත්ව ඇත.
සංචිතයට නැවත එක්ව සිටින ඩැරී මිචෙල්, රචින් රවින්ද්‍ර සහ මැට් හෙන්රි යන ක්‍රීඩකයන් සමගින් නවසීලන්ත තණතීරු වල ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට නිසැකවම අභියෝගයක් වනු ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත පළමු පෙළ ක්‍රීඩකයන් සමග පැවැති පුහුණු තරග සාර්ථකව ක්‍රීඩා කරමින් ජය ගැනීමට සමත් වීම මෙන්ම නවසීලන්තය සමගින් මෙරටදී පැවැති විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීම ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හෙට තරගය සඳහා මනා සූදානමක් වනු ඇත.
කෙසේ වෙතත් නවසීලන්ත කණ්ඩායමේ කේන් විලියම්සන්, ඩෙවොන් කොන්වේ, ලොකී ෆර්ගියුසන්, ෆින් ඇලන්, ඇඩම් මිල්න් සහ ටිම් සයිෆර්ට් යන ක්‍රීඩකයන් ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලි හේතුවෙන් ශ්‍රී ලංකා තරගාවලියෙන් ඉවත්ව සිටීමද විශේෂත්වයකි.
මුහුදුබඩ ක්‍රීඩාංගණයක් වන බේ ඕවල් ක්‍රීඩාංගණයට තරගය නැරැඹීම සඳහා වැඩි පේක්ෂක පිරිසක් බලාපොරොත්තු වන බවත්, විස්සයි විස්ස තරගාවලියේ ප්‍රවේශ පත් ඉකමනින් අලෙවි වෙමින් පවතින බවත් නවසීලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත.
තරග හෙට මෙරට වේලාවෙන් පෙරවරු 11.45ට ඇරැඹීමට නියමිතය.
ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…