හබරණ කැබ් රථය තුළ පිලිස්සී මිය ගියේ දෙකටන ව්‍යාපාරිකයාද? ඝාතනයකර පුළුස්සා දැමුවාදැ​යි සැකය​ක්!

මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගය ආසන්නයේදී ගිනිගෙන විනාශ වූ කැබ් රථය තුළ තිබූ පිලිස්සි මියගිය පුද්ගලයා බියගම පදිංචි කෝටිපති ව්‍යාපාරිකයා දැයි තහවුරු කර ගැනීමට ඩී.එන්.ඒ. පරීක්ෂණයක් පැවැත්වීමට පොලීසිය සුදානම් වෙයි.

මින්නේරිය – හබරණ ප්‍රධාන මර්ගයේ බටුඔය 38 කණුව ආසන්නයේ මීරිගම, දෙකටන ප්‍රදේශයේ සිට මින්නේරිය දෙසට ධාවනය වූ කැබ් රථයක් ගිනිගෙන විනාශ වී තිබිය දී ඊයේ (27) හමුවිය.

හබරණ මින්නේරිය මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු විසින් මෙලෙ​ස කැබ් රථයක් ගිනි ගන්නා බවට මින්නේරිය පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව මෙම ගිනි ගනිමින් තිබෙන කැබ් රථය මින්නේරිය පොලීසිය විසින් සොයා ගෙන ඇත.

ඉන් අනතුරුව මෙම ගිනි ගනිමින් තිබූ කැබ් රථයේ ඇතිව තිබූ ගින්න නිවා දැමීම සඳහා මින්නේරිය පොලීසිය හා පොළොන්නරුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පැමිණ දැඩි පරිශ්‍රමයක් දරා ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට කටයුතු කර තිබේ.

ගිනිගෙන තිබූ කැබ් රථය මින්නේරිය පොලීසිය විසින් පරීක්ෂා කිරීමේදී එහි පිටුපස ආසනයේ තිබී පිලිස්සී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයා ගෙන ඇත.

25 වෙනිදා රාත්‍රී 10 ට පමණ මෙම ගින්න හට ගෙන ඇති අතර ගිනි ගන්නා අවස්ථාවේදී කැබ් රථය හබරණ දෙසට මුහුණලා නතර කොට තිබී ඇති අතර එහි වෙනත් කිසිදු පුද්ගලයෙකු සිට නොමැති බව මින්නේරිය පොලීසිය පවසයි.

ඒ අනුව පුද්ගලයෙකු ඝාතනය කොට ඔහුගේ සිරුර කැබ් රථය තුළ දමා රැගෙන එම සිරුර පිලිස්සීම සඳහා මෙම කැබ් රථය මෙම ප්‍රදේශයට ගෙනවිත් ඊට ගිනි තැබීමට කටයුතු කරේද යන්න පොලීසිය විසින් මුලික​ව සැක කරනු ලැබුවේය.

මෙම කැබ් රථයේ ගම්පහ දෙකටන ප්‍රදේශයේ පදිංචි විතාන හපුතන්ත්‍රිගේ සුනිල් නමැති අවුරුදු 62ක් පමණ වයසැති පුද්ගලයකු පැමිණ ඇති බවත්, කැබ් රථය ගිනි ගැනීමෙන් පසු ඔහු අතුරුදන්ව ඇති බවත් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන මින්නේරිය පොලීසියේ නිලධාරියෙක් සඳහන් කළේය.

කැබ් රථය පදවාගෙන පැමිණි සුනිල් නමැති පුද්ගලයා පෙරේදා (25) උදෑසන නිවෙසින් පිටව ඇතැයි ඔහුගේ පුතකු ඊයේ (26) උදෑසන සිද්ධිය වූ ස්ථානයට පැමිණ ප්‍රකාශ කර තිබේ. ගිනිගෙන ඇති කැබ් රථය තම පියා පැමිණි කැබ් රථය බවට ද ඔහු හඳුනාගෙන ඇත.

අතුරුදහන්ව ඇ​ති විතාන හපුතන්ත්‍රිගේ සුනිල්

මෙම කැබ් රථය ගිනි ගත්තා ද, ගිනි තැබුවා ද යන්න සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බවත්, මියගොස් ඇත්තේ කැබ් රථයේ පැමිණි සුනිල් නමැත්තා ද, වෙනත් පුද්ගලයකු ද යන්න සම්බන්ධයෙන් මින්නේරිය පොලීසිය වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බවත් පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ද සිල්වා සඳහන් කළේය.

මෙම පුද්ගලයා බියගම ප්‍රදේශයේ සිය පුතා සමඟ ජීවත්ව සිට ඇති අතර බිරිය ජීවත්ව සිට ඇත්තේ දියණිය සමඟය. මේ පුද්ගලයා වරක් අධි රුධිර පීඩනයට භාවිත කරන බෙහෙත් පෙති 150ක් පමණ බී සිය දිවි නසා ගැනීමට උත්සහා දරා ඇතැයිද පොලීසිය කියයි.

එමෙන්ම නිතරම තමන් දිවි නසා ගන්නා බවට පවසමින් සිට ඇති අතර “මම මැරෙන්නේ උඹලා එකෙක්ටවත් මගේ මිනියවත් බලන්න බැරි වෙන්න” යැයි නිතර පවසා ඇතැයිද පොලිස් පරීක්ෂණවලින් හෙළිව තිබේ.

මොහු ඉන්ධන භාවිත කර සැලසුම් සහගතව ගිනි තැබීමක් සිදු කර ඇද්දැයි පොලිසීය සැක කරන අතර මේ නිසා ඩී.ඒන්.ඒ. පරීක්ෂණයක් කිරීමට තීරණය කර ඇත.

රජයේ රස පරීක්ෂක සහ මහේස්ත්‍රාත්වරයා මෙන්ම නිලධාරීන් සම්බන්ධ කරගනිමින් පරීක්ෂණ සිදු කරන බවත්, මෙය ඝාතනයක් ද නැද්ද යන්න පරීක්‍ෂණවලින් අනතුරුව තහවුරු කර ගැනීමට හැකිවන බවත්, මින්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද ප්‍රනාන්දු අප කළ විමසීමකදී පැවසීය.

ගින්නෙන් පිළිස්සුනු කැබ් රථ​ය

මීට වසර කිහිපයකට පෙර හබරණදී විදේශීය පුද්ගලයකු මේ ආකාරයෙන්ම කාරයක් තුළ පිලිස්සී මිය ගොස් සිටියදී සොයා ගැනුණු අතර පසුව කරන ලද විමර්ශනවලදී සොයා ගැනුණේ මිය ගොස් ඇත්තේ කාන්තාවක් බවයි.

ඒ අනුව සිදු කළ විමර්ශනවලදි මේ පුද්ගලයා සිය රක්ෂණ වන්දි ලබා ගැනීමේ අරමුණෙන් වෙනත් මිනියක් වාහනයට දමා ගිනි තබා ඇතැයි සොයා ගැනීමට හැකියාව ලැබිණි. එම මළ සිරුර කාන්තාවකගේ බව සොයා ගැනීමට හැකියාව ලැබී තිබුණේ අස්ථි කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමු කර විමර්ශනයක් කිරීමෙන් පසුවය.

මේ අනුව ඊයේ මෙම කැබ් රථය තුළ ගිනිගෙන මිය ගොස් තිබුණේ බියගම ව්‍යාපාරිකයාම දැයි සොයා බැලීමට ඩී.ඒන්.ඒ. පරීක්ෂණයක් කිරීමට පොලීසිය තීරණය කර ඇත.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ද සිල්වා, හිඟුරක්ගොඩ සහකාර පොලිස් අධිකාරී, සුදත් අස්මඩලේ ගේ උපදෙස් පරිදි මින්නේරිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද ප්‍රනාන්දු, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මෙම අබිරහස් මරණය හා කැබ් රථය ගිනි ගැනීම පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

Ceylon News Factory

Recent Posts

වෑන් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

මීමුරේ කරඹකැටිය ප්‍රදේශයේ අද සවස වෑන් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව…

1 day ago

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපයි!

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් පහ කිරීමට ජාතික…

1 day ago

තලවතුගොඩ වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියා සහ ව්‍යාපාරිකයා රිමාන්ඩ්!

තලවතුගොඩ ප්‍රදේශයේ සමාජ ශාලාවක් අසල අද (19) අලුයම සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්…

1 day ago

වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන බව​ට ලාල් කාන්තගෙන් සහතිකයක්!

කෙතරම් විරෝධතා සහ බාධක පැමිණිය ද වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන බව කෘෂිකර්ම,…

1 day ago

ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට!

යූකැලිප්ටිස් වර්ගයේ ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් (19) දින උදෑසන 10:00ට පමණ පුද්ගලයෙකු එම…

1 day ago

සරුංගල් යවන්න එපා – කටුනායක ගුවන්තොටුපළෙන් ඉල්ලීමක්!

කටුනායක ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ කළමනාකරණ අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ ජනතාවගෙන්…

1 day ago