කොල්ලුපිටියේ පිහිටි හෝටලයක 7 වැනි මහලෙන් පැන විදේශිකයෙකු පසුගියදා ජීවිතක්ෂයට පත්වීම සියදිවි නසා ගැනීමක් නොවන බව, ඔහුගේ පවුලේ ඥාතීන් ප්‍රකාශ කරනවා.
කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් සඳහන් කළේ, මෙම මරණයට මෙරට රජය කඩිනමින් සාධාරණය ඉටු කළ යුතු බවයි.
51 හැවිරිදි ඕස්ටේ්‍රලියානු ජාතිකයෙකු වන අදාල විදේශිකයා කොල්ලුපිටියේ හෝටලයක 7 වැනි මහලෙන් පැන සියදිවි නසා ගැනීමේ පුවතක් පසුගිය 6 වැනිදා වාර්තා වූවා.
ඔහු බිමට පැනීම වැළැක්වීමට පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දැරුවත් එය සාර්ථක වි නොමැති අතර ජිවිතක්ෂයට පත්වු අදාළ විදේශිකයා මානසික රෝගී තත්ත්වයකින් පීඩා විඳ ඇති බවට පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම පුද්ගලයාගේ ඥාතීන් මෙරටට පැමිණ පසුගිය දිනවල මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව, ඔවුන් කොළඹදී ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වමින් කියා සිටියේ මෙය සිය දිවි නසා ගැනීමක් නොව ඝාතනයක් බවයි.
සිය සහෝදරයාට සියදිවි නසා ගැනීමට කිසිදු හේතුවක් නොතිබූ බව ඔහුගේ සහෝදරිය සහ සහෝදරයින් දෙදෙනා එම ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් මෙහිදී සඳහන් කර සිටියා.
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…
ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව එළිදක්වා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වෙන්නේ…