අනතුරු

දකුණු කොරියානු ගුවන් අනතුරින් මිය ගිය ගණන තවත් ඉහළට!

දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට උත්සාහ කළ පුද්ගලයින් 181 දෙනෙකු රැගත් මගී ප්‍රවාහන ගුවන්යානයක් අද (29) උදෑසන අනතුරට ලක්වූවා. මේ වන විට එහි ගමන්ගත් පිරිසෙන් 122 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

යානයේ ගමන්ගත් ඉතිරි පිරිස සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක නමුත්, දකුණු කොරියානු බලධාරීන් දැනටමත් පවසා ඇත්තේ, ඔවුන්ගේ ජීවිත සම්බන්ධව වැඩි අපේක්ෂා තබාගත නොහැකි බවය.

යානයේ සිටි පුද්ගලයින් 181 දෙනාගෙන් 175 දෙනෙක් මගීන් වූ අතර, ඉතිරි 6 දෙනා කාර්ය මණ්ඩල සාමාජිකයින්ය.

යානය මුආන් ගුවන්තොටුපොළට ගොඩබස්වමින් සිටියදී එහි වේගය පාලනය කරගැනීමට නොහැකිව ධාවන පථය ඔස්සේ ඇදීගොස් එහි තාප්පයක ගැටී අනතුරට ලක්වුණි.

අනතුරත් සමඟ යානය පුපුරා ගිනිගැනීමට ලක්ව මුළුමනින්ම විනාශ වී තිබුණි.

මේ සමඟම ඒ ආසන්නයට පැමිණි ගිනිනිවන අංශ කඩිනමින් ගින්න නිවාදැමීමට උත්සාහ කර තිබුණි.

ඒ වෙනුවෙන් යොදවා තිබූ ගිනි නිවන රථ ගණන 32කි.

දකුණු කොරියානු මාධ්‍යවලට අනුව යානයේ සිටි මගීන් 175 දෙනාගෙන් 173 දෙනෙකුම දකුණු කොරියානුවන් වන අතර, ඉතිරි දෙදෙනා තායිලන්ත ජාතිකයින්ය.

කෙසේ නමුත් දැවැන්ත මෙහෙයුමක් සිදුකිරීමෙන් අනතුරුවත් මුදාගෙන තිබුණේ යානයේ සිටි පිරිසෙන් දෙදෙනෙක් පමණි.

ඔවුන් දෙදෙනාම කාර්ය මණ්ඩල සාමාජිකයෙක් බවට වාර්තා වෙයි.

යානය අනතුරට පත්වූ නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ කර නැතත්, ගොඩබැස්වීමට පෙර එහි ගොඩබැස්වීමේ පද්ධතියට යම් හානියක් සිදුව ඇති බවට බලධාරීන් සැකපළකරයි.

කුරුල්ලන් යානයේ ගැටීම ඊට හේතුවන්නට ඇති බවයි විශ්වාස කරන්නේ.

Yumal Kasun

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago