සංචාරක

දුම්රිය ප්‍රමාදවීම් වලට බලපාන හේතුව ගැන හෙළිදරව්වක්!

දුම්රිය ප්‍රමාදවීම් සහ අවලංගු වීම්වලට ප්‍රධානතම හේතුව දුම්රිය එංජින්වල පවතින හිඟය බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මේ වනවිට ධාවනයට සුදුසු එංජින් පවතින්නේ 50ක පමණ ඉතා අවම ප්‍රමාණයක් බව “අද දෙරණ” කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ගැටලුවකින් තොරව දුම්රිය ධාවනය කිරීම සඳහා දුම්රිය එංජින් 70ක් පමණ අවශ්‍ය වෙයි.

අවලංගු වීම් හෝ ප්‍රමාද වීම් නොමැතිව දුම්රිය ධාවනය වීමටනම් අවම වශයෙන් දුම්රිය එංජින් 60ක ප්‍රමාණයක් අවශ්‍ය බව සඳහන්ය.

කෙසේවෙතත් මේ වනවිට ධාවන තත්ත්වයේ ඇති දුම්රිය එංජින් 50න් බෝහෝ ප්‍රමාණයක් විවිධ කාර්මික දෝෂවලට ලක්වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සාමාන්‍යයෙන් දුම්රිය එංජිමකට රැගෙන යා හැකි බර ප්‍රමාණයක් තිබුණ ද ප්‍රමාණය ඉක්මවා බර රැගෙන යාම ඊට හේතු වී තිබේ.

එමෙන්ම දුම්රිය එංජින් අලුත්වැඩියා කිරීම සඳහා අමතර කොටස්වල හිඟයක් පසුගිය කාලය පුරාවට දක්නය ලැබුණි.

කෙසේවෙතත් මේ වනවිට එංජින් අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය වන අමතර කොටස් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ලැබෙමින් පවතින බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ඒ අනුව ඉදිරියේ දී ගැටලුවකින් තොරව දුම්රිය ධාවනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට හැකි බව සඳහන්ය.

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින දුම්රිය එංජින්වලින් බෙහෝ ප්‍රමාණයක් දීර්ඝ කාලයක් තිස්සේ ධාවනය කිරීම හේතුවෙන් භාවිතයට ගත නොහැකි මට්ටමට පත්ව ඇති බවද සදහන්.

Yumal Kasun

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago