විදේශ

පුටින් සමාව ඉල්ලයි!

අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් පසුගිය 25 දා කඩා වැටීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පූටින් අසර්බයිජාන ජනාධිපතිවරයාගෙන් සහ එරට වැසියන්ගෙන් සමාව ඉල්ලා සිටීමට කටයුතු කර තිබෙනවා.

ඒ එම ගුවන්යානයයට රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විමර්ශනවලින් අනාවරණය වීමත් සමගය‍.

රුසියානු හමුදාව විසින් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ එය යුක්‍රේන හමුදාවේ සතුරු ඩ්‍රෝන යානයක් යැයි වරදවා වටහා ගැනීමෙන් බව මේ වන විට අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

පුටින්ට අමතරව රුසියන් රජය මෙන්ම රුසියාවේ හමුදාව ද මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇතැයි එම වාර්තාවල දැක්වේ.

මේ අතර රුසියානු ජනාධිපති පුටින්ගේ ශෝක පණිවිඩ නිකුත් කිරීමට පෙරම අසර්බයිජානයේ ගුවන් සමාගම් කිහිපයක් රුසියානු නගර බොහොමයකට ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.

ගුවන් යානය කඩා වැටීම පිළිබඳ විමර්ශන අවසන් වන තුරු මෙම අත්හිටුවීම පවතිනු ඇති බවද සඳහන් වේ.

අසර්බයිජාන මගී ගුවන් යානය කඩා වැටීමට හේතුව රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් බව පළමුව අනාවරණය කරන ලද්දේ අමෙරිකාවේ බුද්ධි අංශය විසිනි.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ අසර්බයිජාන බාකු අගනුවර සිට දකුණු දිග චෙව්නියාවේ ග්‍රෝස්නි අගනුවර තෙක් පියාසර කරමින් තිබූ ගුවන් යානයකටය.

යානය පියාසර කරමින් තිබූ අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලය සමග 67 දෙනෙකු ගමන් කරමින් තිබුණි.

ප්‍රහාරයෙන් 38 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 29 දෙනෙකු දිවි බේරා ගැනීමට සමත් විය.

අනතුරින් මියගිය 38 දෙනා වෙනුවෙන් අසර්බයිජාන ජනාධිපති ඉල්හාමි අලියෙව් පසුගියදා ශෝක දිනයක් ද ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබුණා.

Yumal Kasun

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago