විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාදය වන්දනාවේ පැමිණි 25 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.
පසුගිය සති අන්ත නිවාඩු දිනවලදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු වරද පිලිගත් නිසා දඩ මුදල් නියම කර ඇති බවයි හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයා පැවසුවේ.
දුම්රියෙන් සහ හැටන් මාර්ගය ඔස්සේ නල්ලතන්නිය දක්වා මත්ද්‍රව්‍ය රැගෙන පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනිමට හැටන් කොට්ඨාශ නිල සුනඛ අංශයේ සුනඛයන්ගේද සහය ඇතිව මාර්ග බාධක යොදා සොදිසි මෙහෙයුම් සිදුකරමින් තිබෙනවා.
සොදිසි මෙහෙයුම්වලදි ගංජා, මදනමෝදක ගුලි, මත්පෙති, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි අවු 25-35 වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන තෙක් මෙම සොදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවයි පැවසෙන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…