2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ අධිකරණ සමථයක් අනුව නැවතත් පුෂ්පිකා ද සිල්වාට හිමි වූ බව එම තරගයේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ ඊයේ (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ගල්කිස්ස දිස්ත්‍රික් අධිකරණයේ පැවති නඩු විභාගයකදී එළඹුණු සමථයකට අනුව මාධ්‍ය හමුවක් පවත්වා එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතු බව ත් ඒ අනුව අද එය මෙසේ ප්‍රකාශයට පත් කළ බව ත් චන්දිමාල් ජයසිංහ සඳහන් කළේ ය.
2021 අප්‍රේල් 4 වන දා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති තරගාවලියේ අවසන් වැඩසටහනේදී වේදිකාව මතට නැගි 2019 ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ කැරොලයින් ජූරි නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පුෂ්පිකාගේ කිරුළ ප්‍රසිද්ධියේ ගැලවූයේ දික්කසාද වූ තැනැත්තියක් නිසා කිරුළ දැරීමට නොසුදුසු බව කියමිනි.
කෙසේ වෙතත් පසුව ඇය දික්කසාද වී නැති බව තහවුරු වී තිබිණි.
සිදුවීම වූ අවස්ථාවේදී පුෂ්පිකා ද සිල්වා තම නිල ෆේස්බුක් පිටුවෙන් සංවිධායක මණ්ඩලයට මෙසේ අභියෝග කර තිබුණි.
මම දික්කසාද ගැහැණියක් නොවෙමි. මේ ලියන මොහොතේත් මා දික්කසාද ගැහැණියක් නොවන බව ඉතා වගකීමෙන් කියමි. මම දික්කසාද නම්, මගේ දික්කසාද ලියවිලි ඉදිරිපත් කරන ලෙස මම ඔවුන්ට අභියෝග කරමි. මම මගේ දරුවා සමග සිටින බව මම ලෝකයෙන් සඟවා නැත. එසේ සිටින්නට මට පෞද්ගලික හේතු ද ඇත. නමුත්, වෙන් ව සිටීම එකකි. දික්කසාදය යනු වෙන ම එකකි. මම තව ම දික්කසාද නො වූ තැනැත්තියක් වෙමි.
මේ තරගාවලිය ආරම්භයේදී ම මා ඊට නුසුදුසු නම්, මා එයින් ඉවත් කරන්නට ඔවුන්ට ඉඩ තිබුණි. අවශේෂ තරග ඉසව් එකින් එක පසුකර මා මෙතෙක් දුර එනතෙක් ඔවුන් සිටියේ නින්දේ නොවේ
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…