විදෙස් ගතවීම සදහා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා වන තිසර නානායක්කාරට මුදල් ලබාදුන් තවත් පුද්ගලයින් සිටිනම් ඒ පිළිබදව දැනුම්දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවට නිවේදනය කොට සිටිනවා.
ඊට අදාළ තොරතුරු ලබාදීම සදහා විශේෂ දුරකතන අංකයක්ද එම දෙපාර්තමේන්තුව හදුන්වා දී ඇති අතර, ඒ අනුව 011 – 2 337 219 යන දුරකතන අංකයට එම තොරතුරු ලබාදිය හැකියි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා වන තිසර නානායක්කාර ලබන වසරේ ජනවාරි මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් පද්මා අමරතුංග ඊයේ නියෝග කළා.
ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී මුදල් වංචා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුව අත්අඩංගුවට ගනු ලැබුවේ බිබිල ප්රදේශයේදීයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අපරාධ පරීක්ෂණදෙපාර්තමේන්තුවේ නිලධාරින් ප්‍රකාශ කළේ 2019 වසරේ සිට 2024 වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ සැකකරුගේ ගිණුමට රුපියල් කෝටි 27කට ආසන්න මුදලක් තැන්පතු ලෙස ලැබී ඇති බවයි.
ෆින්ලන්තයේ රැකියා දෙන බව පවසා මොහු පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 40ක් ඉල්ලා ඇති අතර, පැමිණිලිකරු පවසා ඇත්තේ රුපියල් ලක්ෂ 30ක මුදලක් තිසර නානායක්කාර නමැත්තාට ලබා දුන්නද ෆින්ලන්ත රැකියා සඳහා යාමට තමන්ට අවස්ථාවක් නොලැබුනු බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…