විශ්ව විද්‍යාල සිසුන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 10,000 දක්වා ඉහළ නැංවීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අවධානය යොමුවී තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ පිළිබද අවධානය යොමු කර ඇත.
මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් දස දහසක් දක්වා ඉහළ නැංවීම සදහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මීට මාස කිහිපයකට පෙර යෝජනා කර තිබුණි. එහෙත් ඒ සදහා කැබිනට් මණ්ඩල අනුමැතියක් හිමිව තිබුණේ නැත.
මේ වන විට රුපියල් පන්දහසක් වන මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් හත්දහස් පන්සියය දක්වා ඉහළ නැංවීමට අවධානය යොමු කර ඇත. දැනට මහපොළ ශිෂ්‍යාධාර ලබාදීම සදහා වාර්ශිකව රුපියල් කෝටි තුන්සියකක් පමණ වැය වන අතර ශිෂ්‍යාධාරය රුපියල් හත්දහස් පන්සියය දක්වා ඉහළ නැංවීමේදී අමතර රුපියල් කෝටි දෙසීයක පමණ මුදලක් වෙන් කිරීමට සිදුව තිබෙනවා.
මේ වන විට වසරක පමණ කාලයක් අධ්‍යයන කටයුතු කරන පළමු වසර සිසුන්ගේ මහපොළ දීමනා ගෙවීමට අදාළ ලේඛන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් මහපොළ භාරකාර අරමුදලට යවා තිබෙන නමුත් මෙතෙක් ගෙවීම් ආරම්භ කර නැත. දීමනා ලබා ගැනීමට සුදුසුකම් ඇති සිසුන්ගේ නාමලේඛන ඇතැම් විශ්වවිද්‍යාලවලට මේ වන විට ලැබී තිබෙනවා.
මහපොළ දීමනා ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් වසරකට සිසුහු දහසය දහසක් පමණ සුදුසුකම් ලබනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…