මීගොඩ ප්‍රදේශයේදී පසුගිය 14 වැනි දා වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු ඊයේ (31) සවස් කාලයේදී නීතිඥවරයෙකු මාර්ගයෙන් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මීගොඩ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.
අදාළ සැකකරු මෙම අපරාධය මෙහෙයවා ඇති බවට සැකකරනු ලබන පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.
සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මීගොඩ පොලිස් වසමේ සිදුවූ වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ වෙඩික්කරු ලෙස ද එම සැකකරු කටයුතු කර ඇති බවට ද අනාවරණය වී ඇත.
මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් 07 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය මේ පිළිබ්ඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…