වේයන්ගොඩ පොලිස් ස්ථානයේ අබිලි ද්‍රව්‍ය ගොඩ ගසා තිබූ කාමරයක අද (31) දහවල් ඇති වූ ගින්නකින් එම ගබඩාවේ තිබූ සියලු අබිලි ද්‍රව්‍ය හා පැරණි ලිපි ලේඛන විනාශයට පත්වී ඇති බව පොලීසිය ප්‍රකාශ කරනවා.
එමෙන්ම රථවාහන අංශය, ප්‍රජා පොලිස් ඒකකය, ළමා හා කාන්තා කාර්යාංශය, පරිසර ඒකකය පවත්වාගෙන ගිය කාමරවලටද සුළු වශයෙන් අලාභ සිදුවී ඇති බව වේයන්ගොඩ පොලිසිය පවසනවා.
මෙම ගින්න හේතුවෙන් පොලිස් නිලධාරීන් හෝ වෙනත් කිසිවකුට කිසිදු හානියක් සිදු වී නොමැති බව වාර්තා වනවා.
මෙම ගබඩා කාමරයේ කලක් තිස්සේ භාවිතයෙන් ඉවත දමන ලද පොත් පත්, මෙට්ට, සහ අබලි ද්‍රව්‍ය ගොඩගසා තිබූ බව වාර්තා වනවා.
මෙම කාමරය පිහිටි ගොඩනැගිල්ලෙහි හටගත් ගින්නෙන් එම ගබඩාවේ දමා තිබූ සියලුම දේපළ පාහේ සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී තිබිණි මෙම ගින්න හේතුවෙන් රථවාහන අංශය, ප්‍රජා පොලිස් ඒකකය, පරිසර ඒකකය සහ ළමා හා කාන්තා කාර්යාංශය පවත්වාගෙන ගිය කාමරවල ද දොර ජනෙල්, පොත්පත්වල ටද සුළු වශයෙන්ව හානි සිදු වී තිබෙනවා.
වහලයේ සෙවිලි තහඩු 12 ක්ද ගිනි ගැනීමට ලක් වී තිබෙනවා.
ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ කැඳවා වහාම ගින්න මැඩ පැවැත්වීමට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…