ඇසිඩ් පිර​වූ EGB බෝතලය ගැන Elephant House සමාගමෙන් විශේෂ නිවේදනයක්!

පිටකොටුව, පීපල්ස් පාර්ක්හි පිහිටි මිහිරි න​ම් ආපන ශාලාවකින් (Mihiri Hotel) මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබූ සිදුවීමක් අප විසින් මීට පෙර වාර්තා කරනු ලැබීය.

අදාල සිදුවීම සම්බන්ධ​ව පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ ආපන ශාලාවෙන් පැණි බීම වෙනුවට පිරිසිදුකාරක අඩංගු බෝතලයක් අත්වැරදීමකින් ඇයට ලබාදී ඇති බවය.

සිද්ධිය පිළිබඳව ඇගේ ඥාතීන්ගේ පැමිණිල්ලක් මතයි වේල්ලවීදිය පොලීසිය අදාළ ආපන ශාලාවේ සේවකයන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ.

එහිදී ඔවුන් පවසා ඇත්තේ, ආපනශාලාවේ ප්‍රධාන ශාඛාවෙන්, හිස් පැණි බීම බෝතල්වල දමා පිරිසිදුකාරක ආපනශාලාව වෙත එවන බවක්.

මේ හේතුවෙන් පැණි බීම හා අදාළ පිරිසිදුකාරක හඳුනාගැනීමට නොහැකිව සේවකයෙකු විසින් අත්වැරදීමකින් පැණි බීම වෙනුවට පිරිසිදුකාරක බහාලූ බෝතලයක් තරුණියට ලබාදී ඇති බව ඔවුන් පවසා තිබෙනවා.

අදාළ ආපන ශාලාවේ තිබී තවත් එකී පිරිසිදුකාරක ඇතුළත් බෝතල් කිහිපයක් සොයා ගත් බවයි පොලීසිය පවසන්නේ.

මේ අතර අදාල සිදුවීම සම්බන්ධව EGB සිසිල් බීම නිශ්පාදනය කරනු ලබන Elephant House සමාගම විසින් ද නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

අදාල නිවේදනය පහතින්,

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින්, ඇසිඩ් දියර ශරීරගතව රෝහල්ගත කල තරුණියගේ පර්ශවයෙන් චෝදනා කරනු ලබන්නේ ඇය විසින් පානය කරනු ලැබුවේ සීල් සහිත EGB බෝතලයක් බවයි. පසුව එය නිවැරදි කිරීමකට ලක් කරමින් ඔහු විසින් පෝස්ටුවක් ද මෙලෙස පලකොට තිබුනා.

Ceylon News Factory

Recent Posts

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

38 minutes ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

3 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

4 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

4 hours ago

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ඉන්දියාවට!

නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…

5 hours ago

ලෝක ආර්ථික සංසදයෙන් අනාගත රැකියා පිළිබඳ වාර්තාවක් එළිදැක්වේ!

ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව එළිදක්වා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වෙන්නේ…

6 hours ago