පිටකොටුව, පීපල්ස් පාර්ක්හි පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් (EGB) පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබෙනවා.
පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ ආපන ශාලාවෙන් පැණි බීම වෙනුවට පිරිසිදුකාරක අඩංගු බෝතලයක් අත්වැරදීමකින් ඇයට ලබාදී ඇති බවය.
රෝගාතුර වූ තරුණිය සිය මව සමග පසුගිය දෙසැම්බර් 31 වනදා අදාළ ආපන ශාලාව වෙත ගොස් ඇත.
එහිදී ආහාර අනුභව කරන අතරතුර තරුණිය පැණි බීම බෝතලයක් ඇණවුම් කර තිබෙනවා.
එය පානය කිරීමත් සමග ඇයට වමනය යෑමට පටන් ගෙන ඇත.
අනතුරුව ඇය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරුකර යවා ඇත.
එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ තරුණිය මේ වනවිට සාමාන්‍ය වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තාවනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ ඥාතීන් සිදුකළ පැමිණිල්ලකට අනුව වේල්ලවීදිය පොලීසිය අදාළ ආපන ශාලාවේ සේවකයන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
එහිදී ඔවුන් පවසා ඇත්තේ, ආපනශාලාවේ ප්‍රධාන ශාඛාවෙන්, හිස් පැණි බීම බෝතල්වල දමා පිරිසිදුකාරක ආපනශාලාව වෙත එවන බවය.
පැණි බීම හා අදාළ පිරිසිදුකාරක හඳුනාගැනීමට නොහැකි බවත්, ඒ හේතුවෙන් සේවකයෙකු විසින් අත්වැරදීමකින් පැණි බීම වෙනුවට පිරිසිදුකාරක බහාලූ බෝතලයක් තරුණියට ලබාදී ඇති බවත් ඔවුන් පවසා තිබේ.
අනතුරුව අදාළ ආපන ශාලාවේ තිබී තවත් එවැනිම පිරිසිදුකාරක ඇතුළත් බෝතල් කිහිපයක් ද පොලීසිය මගින් සොයාගෙන ඇත.
වේල්ලවීදිය පොලිසිය හා කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…