විදේශ

දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට ගැනීමේ උත්සාහය අසාර්ථකයි!

වැඩ තහනම් කරන ලද දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල්ව අත්අඩංගුවට ගැනීමේ උත්සාහය අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, පැය හයක පමණ අඛණ්ඩ උත්සාහයකින් අනතුරුවයි.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, ඔහුගේ ආරක්ෂක කණ්ඩායම සමඟ ඇති වූ නොනවතින ගැටුමකින් පසුව ඔහුව අත්අඩංගුවට ගැනීමේ උත්සාහය නතර කළ බවයි.

අවසානයේ, ‘අත්අඩංගුවට ගැනීම ප්‍රායෝගිකව කළ නොහැක්කක් බව’ නිගමනය කළ බවයි, යූන්ගේ කෙටිකාලීන යුධ නීති ප්‍රකාශය විමර්ශනය කරමින් සිටින දූෂණ විමර්ශන කාර්යාලය (CIO) නිවේදනය කර තිබුණේ.

කෙසේ නමුත් සමාලෝචනයකින් පසු ඊළඟ පියවර ක්‍රියාත්මක කරන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

යූන් සුක් යෙයෝල්ව අත්අඩංගුවට ගැනීම සඳහා අද දකුණු කොරියානු බලධාරීන් ඔහුගේ පරිශ්‍රයට පැමිණ තිබුණේ, දෙසැම්බර් 3 වැනි දින යුද නීතිය පැනවීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සෝල් අධිකරණයක් විසින් නිකුත් කළ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවට අදාළවයි.

අදාළ වරෙන්තුව නිකුත් කර තිබුණේ, රාජද්‍රෝහී චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කිහිපයකට මුහුණ දී සිටින යූන් හට පසුගිය සති දෙක තුළ ප්‍රශ්න කිරීම සඳහා පෙනී සිටින ලෙස නිකුත් කළ සිතාසි තුනක් නොසලකා හැරීමෙන් පසුවයි.

වත්මන් වරෙන්තුව අවසන් වීමට පෙර ඔහුව අත්අඩංගුවට ගැනීමට විමර්ශකයන්ට ජනවාරි 6 දක්වා කාලය තිබේ.

ඒ අනුව සති අන්තයේ නැවතත් යූන්ව අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගනු ඇති බව සඳහන්.

Yumal Kasun

Recent Posts

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

16 minutes ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 hour ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

3 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

4 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

4 hours ago

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ඉන්දියාවට!

නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…

6 hours ago