නීති විරෝධි ලෙස නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත බල්බ්, විවිධ නාද රටා ඇතුළු අමතර සවි කිරීම් සහිත වාහන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිසියට දැනුවත් කොට තිබෙනවා.
වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළට සමගාමීව මහමග ජීවිත සුරක්ෂිත කරමින් රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.
ඊයේ සිට නැවත දැනුම් දෙන තුරු මේ පරීක්ෂා කිරීම් සිදු කළ යුතු බවද වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර තිබෙනවා.
අධික ශබ්ද සහිත සයිලන්සර්, ඝෝෂාකාරී නලා ඇතුළු අනතුරුදායක සවිකිරීම් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙස සොයා බලන ලෙසද උපදෙස් දී ඇතැයි සඳහන්.
මෙවැනි රථ වාහන මාර්ගයේ ධාවනය වුවද එය නුදුටුවාක් සේ රථවාහන පොලිසිය කටයුතු කිරීම ජනතාවගේ අප්‍රසාදයට හේතුවී ඇති බවත්, එය ශ්‍රී ලංකා පොලිසියේ කීර්ති නාමයටද හානියක් බවත් වැඩබලන පොලිස්පතිවරයා පවසනවා.
එවැනි වාහන හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කිරිම සඳහා දෛනිකව පැය තුන බැගින් මෙහෙයුම් දෙකක් සෑම පොලිස් බල ප්‍රදේශයකම ක්‍රියාත්මක කළ යුතු බවටයි පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් එරට අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය…
හඳුනානොගත් නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම 50කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා…
ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර…
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන…