රාජ්‍ය ආයතන රැසකට 2024 වසරට අදාළ ප්‍රසාද දීමනා ලබාදී ඇති බැවින් ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් වෙනුවෙන් ද එම ප්‍රසාද දීමනාව හැකි ඉක්මනින් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ජාතික සේවක සංගමය රජයෙන් ඉල්ලීමක් කොට තිබෙනවා.
එම සංගමයේ ලංකා විදුලි බල මණ්ඩල ශාඛාව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි වෙත ලිපියක් යොමුකරමිනුයි මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ.
ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදීම සම්බන්ධයෙන් පසුගිය දිනවල කතාබහක් හටගෙන තිබුණා.
ඒ ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථනයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් ඊට අදාළව සිදු කළ ඉල්ලීමත් සමගයි.
කෙසේ වෙතත්, ඔහු එසේ ප්‍රකාශ කිරීමෙන් පසු කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අදාළ ප්‍රසාද දීමනාව ලබා නොදෙන බව සදහන් කළා.
ඉන් අනතුරුව රන්ජන් ජයලාල් ද සියමතය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් ජාතික පුවත්පතක් වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර තිබුණේ සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදුනහොත් ලබන වසරේ බලපෑ හැකි නියඟයකදී විදුලි කප්පාදුවකට මුහුණ දීමට සිදුවන බවයි.
මෙවන් පසුබිමකයි විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට 2024 වසරට අදාළ ප්‍රසාද දීමනා ලබාදීම සම්බන්ධයෙන් ජාතික සේවක සංගමය අමාත්‍යවරයගෙන් යළි ඉල්ලීමක් කොට ඇත්තේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…