ශ්‍රී ලංකා

සිරකරුවන්ට මනුෂ්‍යයන්ට වගේ සලකන්න – කොළඹ මහේස්ත්‍රාත් බන්ධනාගාරයට නියෝග කරයි!

“සිරකරුවෝද මනුෂ්‍යයයෝය” යන වදන සිහිපත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සිරකරුවන්ට සතුන්ට මෙන් නොසලකන ලෙස බන්ධනාගාර අධිකාරියට නියෝග කර සිටියේය.

දිගු යකඩ දම්වැලක මාංචු දැමා සැකකරුවන් එක පෙළට අධිකරණ ශාලාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට දොස් පවරමින් මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේය.

සැකකරුවන්ට මනුෂ්‍යයන්ට මෙන් සැලකිය යුතු බව අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා මින් ඉදිරියට එලෙස නොකරන ලෙසට බන්ධනාගාර නිලධාරීන්ට දන්වා සිටියේය.

අධිකරණය නිවාඩු කාලයක් බැවින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ නමයක නඩු අංක 03 අධිකරණයේ කැඳවීය. රිමාන්ඩ් දීර්ගය සඳහා ඉදිරිපත් කළ සැකකරුවන් හතළිහක් පමණ එක දම්වැලක මාංචු දමා අධිකරණ ශාලාවට ගෙනැවිත් තිබිණි.

අංක 03 අධිකරණයේ බන්ධනාගාර රැඳවියන් රඳවන සිරමැදිරිය තුළ සැකකරුවන් වැඩි ප්‍රමාණයක් ඇතුලත් කළ නොහැකි බැවින් මෙලෙස එකම දැම්මලක මාංචු දමා සැකකරුවන් අධිකරණ ශාලාවට ඉදිරිපත් කිරීමට නිලධාරීන් කටයුතු කර තිබිණි.

දැම්වැල් දැමු රැඳවියන් අධිකරණ ශාලාවේ සිටිණු දක්නට ලැබූ මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ කරුණ දැඩි දෝෂ දර්ශනයට ලක් කර සිරකරුවන්ට මනුෂ්‍යයන්ට මෙන් සලකන ලෙසට දැඩි සේ අවවාද කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරින් මහේස්ත්‍රාත්වරයාගෙන් සමාව අයැද සිටියේය.

මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ නියෝගයෙන් පසුව මාංචු සමඟ අධිකරණ ශාලාවේ සිටි රැඳවියන්ගේ විලංගු ඉවත් කිරීමට බන්ධනාගාරර නිලධාරීන් කටයුතු කරන ආකාරය දැකගත හැකි විය.

Yumal Kasun

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago