මරණ දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා මේ වන විට බන්ධනාගාර රෝහලේ සියලු පහසුකම් සහිතව රැඳී සිටින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සුදේශ් නන්දිමාල් මහතා පවසනවා.
බන්ධනාගාර රෝහලේ සිදුවන විවිධ අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඊයේ (04) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
දුමින්ද සිල්වා මහතාට බන්ධනාගාරයේ විශේෂිත වූ පහසුකම් සලසා දී ඇති බවත් ඔහුටම වෙන් කළ නාන කාමරයක්, ඇඳක් මෙන්ම ජංගම දුරකථන භාවිත කිරීමට අවස්ථාව ලබා දී ඇති බවත් සුදේශ් නන්දිමාල් මහතා තවදුරටත් පෙන්වා දුන්නා.
මේ අතර, තමා බන්ධනාගාරගතව සිටි කාලය තුළ බන්ධනාගාර රෝහලට යෑමට සිදුවූ අවස්ථාවක දුමින්ද සිල්වා මහතා මෙන්ම හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම රෝහලේ රැඳී සිටි අතර ඔවුන්ගේ ඇඳුම් මැද දීමට රැඳවියන් යොදවා ඇති ආකාරය දැකගත හැකි වූ බව සිවිල් සමාජ ක්‍රියාකාරී ශාන් ගනේගොඩ මහතා මෙහිදී පවසා සිටියා.
දුමින්ද සිල්වා මහතාට රෝහලේ වෙනම නාන කාමරයක් ඇති බවත්, එහිදී ඔහුට ජංගම දුරකථන, ලැප්ටොප් ආදිය භාවිත කිරීමට සියලු පහසුකම් සලසා දී ඇති බවත් ශාන් ගනේගොඩ මහතා තවදුරටත් සඳහන් කළා.
දුමින්ද සිල්වා මහතා අදාළ නානකාමරයේ සිට ලබාගත් බව දැක්වෙන සෙල්ෆි ඡායාරූපයක්ද ඔහු එහිදී පෙන්වා සිටියා.
මේ අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර රෝහලේ සිට ගත් බව පැවසෙන ඡායාරූපය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතාගෙන් ප්‍රශ්න කර තිබෙනවා.
අද (04) පැවති ප්‍රවෘත්ති බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ එම ඡායාරූපය බන්ධනාගාර රෝහලේ දී ගත් එකක් දැයි තමන්ට නිශ්චිතවම කිව නොහැකි බවයි.
නමුත් දුමින්ද සිල්වා මහතා රඳවා සිටින සිර වාට්ටුව කලකට පෙර දී ද වරින් වර සෝදිසි කිරීම් සිදු කළ බවත් එහි තිබී කිසිදු ජංගම දූරකථනයක්, ලැප්ටොප් පරිගණක හෝ විද්‍යුත් හෝ තාක්ෂණික උපාංග සොයාගැනීමට නොහැකි වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
බවත් ගාමිණී බී. දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ, මීට මාස දෙකකට ඉහතදීද බන්ධනාගාර රෝහලේ සම්පූර්ණ සෝදිසි කිරීමක් සිදු කළ බවයි.
මියගිය ඩොල්ෆින් මසුන් කිහිපදෙනෙකුගේ සිරුරු විල්පත්තු ජාතික උද්‍යාන මුහුදු සීමාවේ කොල්ලන් කනත්ත ප්‍රදේශයේ වෙරළට ගොඩගසා…
මියන්මාරයෙන් අනවසර සංක්‍රමණිකයින් 116ක් රට තුළට පැමිණ ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ…
ලබන සතිය තුළ පැමිණීමට නියමිත පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ විසින්…
Clean Sri Lanka වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන…
කතරගම දේවාලයේ මූල්‍ය පරිත්‍යාගයෙන් මහරගම අපේක්ෂා රෝහල සඳහා අලුතින් මුළුතැන් ගෙයක් ඉදි කිරීමට කටයුතු…
‘Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා…