දොඩංගොඩ ඇළදූව ප්‍රදේශයේ විහාරස්ථානයකින් වසර එකහමාරකට පමණ පෙර සොරකම් කරන ලද වාලම්පුරියක් එම විහාරස්ථානයේම ළිඳක තිබී හමු වීමේ පුවතක් පිළිබදව වාර්තා වී තිබෙනවා.
මෙම වාලම්පුරිය සොරකම් කර ඇති බවට මීට වසර එකමහාරකට පමණ පෙර කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කාලයක් තිස්සේ සිදුකරන ලද විමර්ශනයේදී එය සොරකම් කරන ලද පුද්ගලයා පිළිබඳව තොරතුරක් සොයාගැනීමට පොලීසියට හැකිව ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව සඳහන්.
එම පුද්ගලයා පදිංචි නිවස අවස්ථා කිහිපයකදීම පොලිස් නිලධාරීන් පරීක්ෂා කළද වාලම්පුරිය සොයා ගැනීමට හැකිව නැහැ.
ඊයේ(03) කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද දුරකථන ඇමතුමකට අනුව අනාවරණය වී ඇත්තේ වාලම්පූරියක් අදාළ විහාරස්ථානයේම ළිං පතුල තුළ දක්නට ලැබෙන බවයි. විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ විසින් එය තම විහාරස්ථානයෙන් සොරකම් කරන ලද වාලම්පුරිය බවට හඳුනාගෙන තිබෙනවා.
වාලම්පුරියේ පිටත අලංකරණය සඳහා මැණික් ගල් ඔබ්බවා තිබී ඇතිමුත්, එය සොරකම් කළ පුද්ගලයා විසින් එම මැණික් ගල් ගලවාගෙන ඇති බව අනාවරණය වී ඇති බවටයි වාර්තා වන්නේ.
ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බවයි කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ප්‍රකාශ කරනු ලැබුවේ.
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…