විදේශ

ව්‍යාජ මුදල් වාර්තා හැදුවාට ඩොනල්ඩ් ට්‍රම්ප්ට දඬුවම්!

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇති මුදල් වංචා කිරීමේ නඩුවකට අදාළ දඬුවම ජනවාරි 10 වැනිදා නියම කරන බව නිව්යෝර්ක්හි විනිසුරු ජුවාන් මර්චන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ ඔහු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට සති දෙකකටත් අඩු කාලයකට පෙර වීම විශේෂත්වයක්.

මේ අනුව නිව්යෝර්ක් විනිසුරු ජුවාන් මර්චන් ට්‍රම්ප්ට සිර දඬුවමක්, පරිවාස කාලයක් හෝ දඩයක් නියම නොකරන බවයි සඳහන් කර ඇත්තේ.

ඒ වෙනුවට ඔහුට “කොන්දේසි විරහිත නිදහස් කිරීමක්” ලබා දෙන බවත්, තේරී පත් වූ ජනාධිපතිවරයාට පෞද්ගලිකව නඩු විභාගය සඳහා පෙනී සිටිය හැකි බවත් ඔහුගේ නියෝගයේ සඳහන් කර ඇති බව විදෙස් වාර්ත පවසනවා.

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් තම ජනාධිපතිවරණ ජයග්‍රහණය යොදාගෙන ඔහුට එරෙහි මෙම නඩුව නිෂ්ප්‍රභ කිරීමට උත්සාහ කර තිබුණා.

නමුත් විනිසුරුවරයා තීරණය කළේ දඬුවම් නියම කිරීම සඳහා නඩුව ඉදිරියට ගෙන යාමටයි.

ට්‍රම්ප්ගේ කණ්ඩායම විනිසුරුවරයා ගත් එම තීරණය විවේචනය කළේ එය නීති විරෝධී නඩුවක් නිසා වහාම නිෂ්ප්‍රභ කළ යුතු බව පවසමින්.

වැඩිහිටි නිල් චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස්ට ඩොලර් 130,000 (£105,000) ක ගෙවීමක් සම්බන්ධ ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පසුගිය මැයි මාසයේදී වරදකරු කෙරුණා.

2016 මැතිවරණ ව්‍යාපාරයේ අවසාන දිනවල වැඩිහිටි නිල් චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස්ට ට්‍රම්ප් සමඟ සිදු වූ බව කියන ලිංගික හමුවීමක් පිළිබඳව නිහඬව සිටීමට මෙම මුදල් ගෙවීම කර තිබුණා.

කෙසේ වෙතත් තේරී පත් වූ ජනාධිපතිවරයා සියලු වැරදි ප්‍රතික්ෂේප කරන අතර, තවදුරටත් තර්ක කරන්නේ මෙම නඩුව ඔහුගේ 2024 ජනාධිපතිවරණ ව්‍යාපාරයට හානි කිරීමේ ප්‍රයත්නයක් බවයි.

Yumal Kasun

Recent Posts

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

20 minutes ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 hour ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

3 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

4 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

5 hours ago

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ඉන්දියාවට!

නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…

6 hours ago