සෞඛ්‍ය

සුනඛ සපාකෑම් ගැන බය හිතෙන අනාවරණයක්!

සුනඛ සපාකෑම් ලක්ෂ 3කට ආසන්න සංඛ්‍යාවක් වර්ෂිකව සිදුවන බව මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාව ප්‍රකාශ කරනවා.

මේ හේතුවෙන් පසුගිය වසරේ පමණක් මානව ජලභීතිකා එන්නත් ලක්ෂ දෙකට ආසන්න ප්‍රමාණයක් භාවිතා කර තිබේ.

මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාවේ වෛද්‍ය නිළධාරී වෛද්‍ය යේෂාන් ගුරුගේ මහතා පවසා සිටියේ, පසුගිය වසරේ ජලභීතිකා රෝගය හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති බවයි.

එම මියගිය පිරිසෙන් 11ක් සුනඛ සපාකෑම් නිසාය.

කෙසේ නමුත් තවත් අයෙකු මියගොස් ඇත්තේ කලවැද්දෙක් සපාකෑමෙන් බවද හඳුනාගෙන ඇත.

එමෙන්ම ඉතිරි මරණ 8හි පැහැදිළිවම සතා හඳුනගෙන නොමැත.

මෙලෙස සත්ත්ව සපාකෑම්වලට වැඩි වශයෙන් ගොදුරුවන්නේ මැදි වයස් පුද්ගලයන්වන අතර, ඔවුන්ගෙන් 2ට 1ක් පිරිමි පුද්ගලයන්ය.

සුනඛ සපාකෑම් වැඩි වශයෙන් වාර්තා වුවත්, පසුගිය වසර දහයක කාලය තුළ එය ක්‍රමයෙන් අඩුවී ඇත‍. කෙසේ නමුත් රිළවු සපාකෑම් වැඩි වී ඇත.

මෙහිදී වෛද්‍ය යේෂාන් ගුරුගේ මහතා පවසා සිටියේ, මානව ජලභීතිකා එන්නත් සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 600කට අධික මුදලක් වැය කිරීමට රජයට සිදු වන බවයි.

Yumal Kasun

Recent Posts

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

35 minutes ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

2 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

4 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

4 hours ago

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ඉන්දියාවට!

නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…

5 hours ago

ලෝක ආර්ථික සංසදයෙන් අනාගත රැකියා පිළිබඳ වාර්තාවක් එළිදැක්වේ!

ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව එළිදක්වා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වෙන්නේ…

6 hours ago