හියුමන් මෙටානියුමෝනියා නොහොත් HMPV වෛරසය බිය වියයුතු කරුණක් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ, චීනයේ නව ශ්වසන ආසාදන රැල්ල ශීත ඍතුවේ දී බහුලව දක්නට ලැබෙන්නක් බවයි. මෙම වෛරසයෙන් ශ්වසන අපහසුතාවල වැඩිවීමක් ඇති කළත්, එය නව වෛරසයක් හෝ වසංගත තර්ජනයක් නොවන බව හෙතෙම පවසයි.
කොවිඩ් වසංගතයෙන් පසු මිනිසුන් ශීත කාලයේදී රෝගකාරකවලට ගොදුරුවීමේ වැඩි හැකියාවක් තිබෙන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දේ.
කෙසේ නමුත් මෙම HMPV වෛරස තත්ත්වය සාමාන්‍යයෙන් සතියක් ඇතුළත පහව යන බව හෙතෙම පවසයි.එහෙත් කුඩා දරුවන්, වැඩිහිටියන් මෙන්ම විශේෂයෙන් වෙනත් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් ප්‍රවේශම් වීම වඩා වැදගත් බව ඔහු සිය ‘X’ ගිණුමේ වැඩිදුරටත් දක්වා ඇත.
කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වන අලියෙකු ගැටී ඇති බව…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
කහතුඩුව ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු,…
ඉකුත්දා කොළඹ ,හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින්…
අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන්…