Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් රිය අනතුරු හා රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා රථවාහන ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබෙනවා.
මෙහි පළමු මෙහෙයුම මගින් රථවාහනවල විවිධ නාද රටා, විවිධ වර්ණ සහිත නිවෙන දැල්වෙන අමතර පහන් සවි කර ධාවනය, නීති විරෝධී සවි කිරීම්, ඝෝෂාකාරී නලා සවි කිරීම්, අධික ශබ්ද සහිත සයිලන්සර්, අනතුරු ඉහළ යන ආකාරයෙන් අන්ත්‍රාදායක ලෙස අමතර කොටස් සවි කිරීම (ඉෂ්ඨරූප) සමගින් ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතය.
දෙවන මෙහෙයුම මගින් උපායදූතයින් යොදවා පොදු ප්‍රවාහන බස් රථ ධාවනයේදී රියදුරන් සිදු කරන රථවාහන වැරදි අනාවරණය කර ගැනීමෙන් පසු එම වැරදි සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කරනු ඇත.
මෙම මෙහෙයුම් ඊයේ (04) දින සිට එළැඹෙන 19 වැනි දින දක්වා සති දෙකක කාලයක් රියදුරන් හා මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එහිදී රියදුරන් වෙන අවවාද කර දැනුවත් කිරීමට කටයුතු කරන බවත් මෙම පළමු මෙහෙයුමට අදාළව රථවාහනවල සවි කර ඇති අමතර කොටස් එම කාලය තුළ වාහනවලින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස රියදුරන්ට හට උපදෙස් ලබා දෙනු ඇති බවත් පොලීසිය සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
ඉදිරියේදී මෙම ක්‍රමවේදය නොකඩවා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර එහිදී රථවාහනවල අමතර කොටස් සවිකර ධාවනය කරන හා පොදු ප්‍රවාහන බස් රථවලට උපාය දූතයින් යොදවා තොරතුරු ලබා ගෙන සිදුකරන වැරදිවලට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරන බවත් එහි සඳහන් ව තිබෙනවා.
මියගිය ඩොල්ෆින් මසුන් කිහිපදෙනෙකුගේ සිරුරු විල්පත්තු ජාතික උද්‍යාන මුහුදු සීමාවේ කොල්ලන් කනත්ත ප්‍රදේශයේ වෙරළට ගොඩගසා…
මියන්මාරයෙන් අනවසර සංක්‍රමණිකයින් 116ක් රට තුළට පැමිණ ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ…
ලබන සතිය තුළ පැමිණීමට නියමිත පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ විසින්…
Clean Sri Lanka වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන…
කතරගම දේවාලයේ මූල්‍ය පරිත්‍යාගයෙන් මහරගම අපේක්ෂා රෝහල සඳහා අලුතින් මුළුතැන් ගෙයක් ඉදි කිරීමට කටයුතු…
‘Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා…