මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට හරියටම වසර දහසයක් සපිරෙනවා.
ඔහුගේ ඝාතනය සිද්ධ වූ වේ 2009 වසරේ ජනවාරි මස අටවන දා ය.
වසර දහසයක කාලයක් ගෙවී ගියද, ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට සම්බන්ධ කිසිවෙකුට මෙතෙක් දඩුවම් ලැබී නැත.
ඔහුගේ ඝාතනයට සම්බන්ධ වූවන්ට දඩුවම් පැමිණ වීම මේ තාක් කාලයකට ප්‍රමාද වීමට එකම හේතුව, දේශපාලන බලාධිකාරයට ඒ සම්බන්ධයෙන් කිසිදු උවමනාවක් නොතිබීමයි.
නමුත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔහු වෙනුවෙන් යුක්තිය ඉටු කරනු ඇතැයි, ලසන්ත වික්‍රමතුංග මහතාගේ සමීපතමයන් විශ්වාස කරන බව පෙනේ.
ඔහුගේ එක් සහෝදරයකු වන ලාල් වික්‍රමතුංග මහතා කොලොම්බෝ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියට ඒ පිළිබදව ලියා තිබෙනවා.
එහිදී ඔහු, වත්මන් ආණ්ඩුව ශානි අබේසේකර මහතා සහ රවී සෙනෙවිරත්න මහතා යළි විමර්ශන කාර්යයන්ට සම්බන්ධ කරගෙන තිබීම පිළිබදව පැසසුම්සහගතව කතා කරයි. එමෙන්ම, ඝාතකයන් හෙළි දරව් වනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින බවද පවසයි.
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…