මියන්මාරයෙන් අනවසර සංක්‍රමණිකයින් 116ක් රට තුළට පැමිණ ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරනවා.
අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.
එහිදී අමාත්‍යවරයා සඳහන්කර සිටියේ මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවයි.
පහත දැක්වෙන්නේ අමාත්‍යවරයාගේ කතාවෙන් උපුටාගත් කොටසකි.
මියන්මාරයේ අනවසර සංක්‍රමණිකයන් 116ක් රටට ඇතුළු වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරමින් පවතිනවා. මේ වෙනකොට පොලිසිය ලබා ගත් විමර්ශන ආශ්‍රයෙන් ඔවුන් මුදල් ගෙවලා තමයි මේ ජාවාරමට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ වෙනකොට ඔවුන් එරට මුදලින් ලක්ෂ 500ක් පමණ ගෙවලා තියෙනවා. ඊට අමතරව මේ ගමනාගමනය සඳහා රටේ මුදලින් ලක්ෂ 800ක් පමණ ඒ සංවිධායකවරුන්ට ගෙවලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පොලීසියෙන් විමර්ශනයක් කරගෙන යනවා ඔවුන් සරණාගතයින් ලෙස හඳුනාගන්නේ නම් ඒ අනුව කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර නීතියට අනුව කටයුතු කරන්නත් අපි සූදානම්. ඒ වගේම මේ වෙනකොට ඔවුන්ට අවශ්‍ය පහසුකම් කෑම බීම ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා අපි දීලා තියෙනවා. දැනට පොලීසිය පවත්වාගෙන යන විමර්ශන අනුව සහ බුද්ධි අංශ වාර්තා කරලා තියෙන කාරණා අනුව මෙවැනි අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තියෙනවා කියලා. මේක මානුෂීය ප්‍රශ්නයක් ලෙස හඳුනා ගන්නේ නම් ඒ ආකාරයට කටයුතු කිරීමට සූදානම්. දැනට පොලිසිය සිදුකරන විමර්ශන අනුව සහ බුද්ධි අංශ වාර්තා කරන ආකාරයට ඉදිරියේදී ලක්ෂයක පිරිසක් මේ රටට් සංක්‍රමණය කරවා ගැනීමට සැලසුමක් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කරමින් තියෙනවා. දැනටත් ඒ ස්ථානයේ රඳවා සිටින ළමුන් ඇතුළු අනෙක් පිරිසට අවශ්‍ය පහසුකම් සපුරලා දීලා තියෙනවා.
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…