අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද (08) සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළව කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු පස්දෙනෙකුට එම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව දහවල් 1ත් සවස 4ත් අතර ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය සහ මහබැංකු ඇතුළු ස්ථානවලට උද්ඝෝෂණකරුවන්ට ඇතුළු වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත්කර තිබෙනවා.
දෛනිකව කොළඹ නගරයට ලක්ෂ පහක පමණ පිරිසක් පැමිණෙන අතර පෙළපාලි ඇතිවුවහොත් විශාල මහජන පීඩාවක් වාහන තදබදයක් ඇති විය හැකි බවයි පොලිසිය අධිකරණයට කරුණු දන්වා සිටියේ.
එමෙන්ම අද දවස 3ට ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උසස් අධ්‍යාපන වැඩමුළුවක් පැවැත්වෙන බවත් ඊට රාජ්‍ය තාන්ත්‍රිකයන්, තානාපතිවරුන්, විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්, මැති ඇමැතිවරුන් 225ක පමණ පිරිසක් සහභාගී වන බවත් කොටුව ස්ථානාධිපතිවරයා දන්වා සිටියා.
ඒ කරුණු සලකා බලා දහවල් 1ත් සවස 4ත් අතර ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, මහබැංකු ඇතුළු ස්ථානවලට උද්ඝෝෂණ කරුවන්ට ඇතුළු වීම තහනම් කරමින් සහ සාමකාමී උද්ඝෝෂණ පැවැත්විය හැකි බව දන්වමින් මෙම නියෝගය නිකුත්කර තිබෙනවා.
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…