මියගිය ඩොල්ෆින් මසුන් කිහිපදෙනෙකුගේ සිරුරු විල්පත්තු ජාතික උද්‍යාන මුහුදු සීමාවේ කොල්ලන් කනත්ත ප්‍රදේශයේ වෙරළට ගොඩගසා තිබියදී සොයාගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මොල්ලිකුලම අඩවි ආරක්ෂක කාර්යාලයට ලද තොරතුරක් මත වනජීවී නිලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
අනතුරුව, අනුරාධපුර වනජීවී පශු වෛද්‍ය කාර්යාලයේ චන්දන ජයසිංහ මහතා සහ ඩබ්. එල්. යූ. මධුවන්ති යන වනජීවී පශු වෛද්‍යවරු විසින් මසුන්ගේ මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර එහිදී මියගිය ඩොල්ෆින් මසුන් 11 දෙනෙකු සිට ඇති බවත්, මසුන්ගේ සිරුරු පරික්ෂා කිරීමෙන් පසු වෛද්‍යවරු අනුමාන කර ඇත්තේ මෙම සතුන් දැලක පැටලී මියගොස් වෙරළට ගොඩගසා ඇති බවයි.
කෙසේ වෙතත් එය වැඩිදුරටත් සනාථ කරගැනීම සඳහා වාර්තාවක් ලබාගැනීමට සතුන්ගෙන් ලබාගත් සිරුරු කොටස් පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය වෙත යොමුකොට ඇත.
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…